බලයි පත්තර
දමයි විස්තර
කරයි සවිස්තර
රගයි සුත්තර
බලයි හදහන්
ගලපයි පොරොන්දන්
නටයි ජවුසන්
කරයි ඉහළින්
අදට මාසයයි
අඩව් අල්ලයි
නැන්දා ලේලියි
නැනා මනලියි
කරපු මගුල
කපුවාගේ අවුල
විදියි පවුල
වුනා වියවුල
145. ගුරු දියවර 53 - සමන් චන්ද්ර රණසිංහ
1 week ago



6 ක් සිතුවිළි:
අනිවා මේ මංගල දැන්විම් අද විනාසයක් ම වෙලා තමා..
මාත් ඕං අදමයි මෙහාට ගොඩවැදුනේ. ඒ නිසා පොඩි අදහසක් ලියල යන්න හිතුවා. හොඳ විවාහ දිවියක් ගෙවන්න මගුල් දැන්වීමද ආදර සම්බන්ධයද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ.... දෙන්නට දෙන්න අවබෝධ කරගැනීම, බුද්ධිමත් බව සහ ඉවසීම කියන ගුණාංග පිහිටා තිබීම. නැතිනම් ඔය මොනව හොයල කොරල බැලුවත් වැඩක් නෑ බැන්ඳට පස්සෙ තමයි කාගෙ කාගෙත් නියම පාට පේන්න ගන්නේ.
එක ඇත්ත ඕන දෙක දෙපැත්තක් තියනවා
අපොයි ඔව මංගල දැන්වීම් වලින් කරන ගොඩක් ඒවා අසාර්ථකයි.නැත්නම් කරන්නේ බැද ගත්තු බෙරේ ගහන එකයි
අලෙ මන්දා මම නම් ඕවා ගැන දන්නේ නැහැ!
මමනං කියන්නෙ දැන්වීමකින් බැන්දත්,ආදරේ කරල බැන්දත් දෙන්නට දෙන්න අවබෝදයෙන් නම් ප්රශ්ණයක් වෙන්නෑ.මොකද සර්ව සම්පූර්ණ මිනිස්සු නෑනෙ කොතනකවත්.
Post a Comment
ඔබේ අදහස් මට වටි