ධනපතියාගේ මැයි දිනය

අද විතරක්
නැගිටියව්.....
හැමදාම
කබුරපියව්....

සහෝදරයෝ
අද
හෙට
boss
කියිපියව්....

අපේ පදේට
හැමදාම
නටන උබලා,
අදත්
අපි නටනවා


යෝජනාව

බලයි          පත්තර
දමයි           විස්තර
කරයි        සවිස්තර
රගයි       සුත්තර


බලයි       හදහන්
ගලපයි    පොරොන්දන්
නටයි      ජවුසන්
කරයි      ඉහළින්


අදට         මාසයයි
අඩව්        අල්ලයි
නැන්දා     ලේලියි
නැනා       මනලියි

කරපු         මගුල
කපුවාගේ  අවුල
විදියි         පවුල
වුනා      වියවුල


බක් මහ අකුණු

අවුරුද්දට හොදට කලා බඩ උස්මුරුත්ත වෙන්න කෑවා.අද වැඩත් ඇල්ලුවා අලුත් අවුරුද්දට .ඒ එක්කම තවත් අයත් නැකතට වැඩ ඇල්ලුවා.ඒ අපේ පවිත්‍රා වන්නි ආරච්චිගේ ලංවිම ය.ඒ වැඩ ඇල්ලීම හැටියට අපේ උස්මුරුත්තාව නිකන් අතීසාරය හැදිලා වගේ එක පාරෙන්ම නැතිව ගියා.මේ බක මාසයයි.බක් මහ අකුණු ගහනවා කියලදා කියනවා .අපිට වැහි නැති බක් මහ අකුණු පාරක් වැදිණි

.

අපේ රටේ බදු මිල තීරණය කරන්නේද රජයයි.ඒ වුනාට මිල එක එක ගණන්ය.රජයේ මිල තිරකගේද එහෙමය.අත්‍යවශය බාන්ඩ විදියට නම කර ඇති විදුලිය,ඉන්ධන ,ගෑස්,බස් ගාස්තු වැනි මහජනයාට සංවේදී දේ එසේ හිතු හිතු වේලාවන්ට වැඩි කිරීමට නොහැක.ඒවා වැඩි කිරීම සදහා විශේෂ ක්‍රම අනුගමනය කරයි.මෙයිනුත් විදුලිය සදහා වෙනම පටි පටියක් අනුගමනය කරයි.

විදුලි බිල වැඩි කිරීම සම්බන්දව බලය තිබෙන්නේ මහජන උපයෝගී කොමිසමටය.ඒ අනුව පසු ගිය කාලේ විදුලිබල මණ්ඩලය විසින් තමන්ගේ වියදම් ඉහල ගොස් ඇති නිසා හා ණය වලින් මිදීම සදහා ගාස්තු ඉහළ දමන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.ඒ සදහා තමනට ලාබයක් උපයා ගතහැකි ආකාරයේ ගාස්තු සංශෝදනයක්ද ඉදිරිපත් කරනලදී.අපේ කොමිසම තනිකර ප්‍රජාතන්ත්‍රවාදී නිසා එක වරම වැඩි කිරීමට ඉඩ දුන්නේද නැත.ඒ සදහා ප්‍රජාතන්ත්‍ර වැඩි ක්‍රමයක් අනුගමනය කරන ලදී.ඒ මහජන අදහස් විමසීමය.මේ සදහා අදහස් දීම සදහා ,වාචිකව අදහස් 79 ක්ද ,ලිඛිත අදහස් දෙසීයකට වැඩි ගණනක් ඉදිරිපත් විය.එයින් වැඩි දෙනෙකුගේ මතය වනුයේ මේ වැඩි කිරීම අසාදාරන බවත්ය.එය නොකළයුතු බවත්ය.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ප්‍රකාශ කරන විදියයට මේ වැඩි කිරීම් වලට හේතුව වංචා හා දුෂණය.එමෙන්ම අපේ රටට නොගැලපෙන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමය.එයට ඇති හොදම උදාහරණය නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ය.එය වැරදි වැඩක් යැයි කියා හිටපු ඇමති තුමා වන පාටලී ඇමති තුමාද කියා ඇත.අන්තිමේදි අපේ රටේ පාලකයෝ තටමලා තටමලා මි පැටියෙක් වැදුයේය.අපි අන්තිමට තවත් ණය කාරයෝ විය.අනිත් කරණය තමයි පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ලබා ගැනීම නිසා සිදුවන පාඩුව.එය තනිකරම කොමිස් කාක්කන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් කරන දෙයකි.

ඔය කාගේත් අදහස් වලට කොමිසම කන්දී ගාස්තු ක්‍රමය අපිට ඉදිරිපත් කලා.අපිත් හරි අසාවෙන් බලන හිටියා වෙනසක් වෙලා ඇති කියලා.මොන වෙනසක් ද පරණ ගාස්තු ක්‍රමයයි.ඒ ගැන කොමිසම කියන්නේ පාඩු ලබන විදුලියට යම සහනයක් දීමට තමයි අපි ගාස්තු වැඩි කලේ.ඒ වුනාට අපි මණ්ඩලයට කොන්දේසි අටක් ඉදිරිපත් කලා.ඒවාට කැමති වූ නිසා තමයි ගාස්තු ඉහළ දැමීමට අපි අවසර දුන්නේ.ඒ කොන්දේසි මොනවද කියා අපි දන්නේද නැත.

මිල වැඩි විම් වෙන්නේ මෙහෙමය.
ගෘහස්ථ, ආගමික සහ පොදු කාර්යය යන පාරිභෝගික කාණ්ඩ තුන යටතේ මෙම මිල සංශෝධනය සිදුකර තිබේ. 

ඒකක 0 - 30 දක්වා ඒකකයක මිල රුපියල් 5.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 30.00කි. 


ඒකක 31 – 60 දක්වා ඒකකයක මිල රුපියල් 6.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 60.00කි. 


ඒකක 61 – 90 දක්වා ඒකකයක මිල රුපියල් 8.50 කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 90.00කි. 


ඒකක 91 – 120 දක්වා ඒකකයක මිල රුපියල් 15.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


ඒකක 121 – 180 දක්වා ඒකකයක මිල රුපියල් 20.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


ඒකක 181 – 210 දක්වා ඒකකයක මිල රුපියල් 24.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


ඒකක 211 – 300 දක්වා ඒකකයක මිල රුපියල් 26.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


ඒකක 301 – 900 දක්වා ඒකකයක මිල රුපියල් 15.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


ඒකක 900ට වඩා විදුලි පරිභෝජනය කරන පාරිභෝගිකයින්‍ සඳහා ඒකකයක මිල රුපියල් 34.00කින් නංවා ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


කෙසේ වෙතත් ගෘහස්ථ පරිභෝගිකයින්ට සාපේක්ෂව ආගමික ස්ථාන සඳහා නව ගාස්තු ක්‍රමය යටතේ ඒකකයක මිල පහත පරිදි සංශෝධනය කර ඇත. 


ඒකක 0 - 30 දක්වා ඒකකයක මිල රුපියල් 1.90කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 30.00කි. 


ඒකක 31 – 60 දක්වා ඒකකයක මිල රුපියල් 2.50කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 60.00කි. 


ඒකක 61 – 90 දක්වා ඒකකයක මිල රුපියල් 3.50කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 180.00කි. 


ඒකක 91 – 120 දක්වා ඒකකයක මිල රුපියල් 5.00කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 180.00කි. 


ඒකක 180 වඩා පරිභෝජනය සිදුවන ආගමික මධ්‍යස්ථාන සඳහා ඒකකයක මිල රුපියල් 7.00ක් ලෙස සංශෝධනය කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 240.00කි. 


මෙම නව මිල සංශෝධනවලට අනුව ඒකක 30ට අඩු ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලිබිල වැඩි වන සාමාන්‍ය ප්‍රතිශතය වන්නේ 49%කි. 


ඒ අනුව 30-90ත් අතර ඒකක පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක් 64% සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත. 


ඒකක 90-200ත් අතර ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන විදුලිබිලක් සියයට 66% සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ. 


ඒකක 300- 900ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 11.8%ක් වීම විශේෂත්වයකි. 


ඒකක 900 වැඩියෙන් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 6%කි. 


රජයේ අය වැය මගින් මූල්‍ය පහසුකම් සැපයෙන ජනතාවට නොමිලේ සේවා සපයන රජයට අයත් පාසල්, රෝහල්, වෘත්තීය පුහුණු ආයතන සහ විශ්ව විද්‍යාල සඳහා ඒකකයක මිල රුපියල් 14.65කි. 


මෙයින් වැඩිම බලපෑම වන්නේ මධ්‍යම පංතික ජනතාවටය.මොකද ඔවුන්ගේ සාමාන්‍ය විදිලු එකක ගන්න 90 ආසන්නය.එහි වැඩි වීම 64%කි.එහෙත් එකක 300-900 අතර සුපිරි පාන්තිකයන්ගේ වැඩි වීම 11%කි.රටේ බහුතරයක් සිටින්නේ මැද පන්තියේ ජනතාවය.ඔවුන්ට බර වැඩි කර ඇත.

අන්තිමට අපිට කියන්නට ඇත්තේ 

මසක් පුරා -හම්බ කරන 
මුළු සේසත -ඇති සතියට 
ජිවන බර -අඩු කරන්න 
පඩියේ බර -වැඩි කරන්න 
ලැබුවාවූ   සිංහල හින්දු අවුරුද්ද ඔබ සියලු දෙනාටත් පවුලේ සැමටත් සුබම සුබ අවුරුද්දක් වේවා .........!!!!!!


විලාසිතා

විලි වසන්නට 
ගත්තා 
ඉස්සර 
ගහ කොල 
මල්

විලි වසන්නට 
ගන්නේ 
අද 
ගහ කොල 
මල් 

විලා සිතා නව 
කියයි තව 
මුත්තා අපේ 
කොපි කලා
අද 



උදව්වක් ඕන කර තිබේ

මමත් එක එක පණ්ඩිත කම් කරන්න යයි.කොච්චර වැරදුනත් මට්ටු වෙන්නේද නැත.අද එසේ මෙසේ දෙයක් නෙවෙයි වුනේ.මගේ බ්ලොග් ලෑල්ලට අලුතෙන් templates එකක් දැමමා.ලස්සනම ලස්සනම එකක්

අයි කිසි ඇහිල්ලක් බැලිලක් නැතිව මත දැම්මා.දැම්ම විතරයි පොස්ට් තැන දෙකක පේනවා.අයින් කරන්නත් බැරිය.මට මර අප්ස්ටය.පැය ගණක තිස්සේ හොයනවා .හදා ගන්න විදියක් නැත.

මේක හදා ගන්න උදව්වක් කරනවද ?මම කලින් එකේ backup තියා ගත්තා.එක අයි දැම්මත් අර විදියේ පොස්ට් තැන් දෙකක් පෙන්වනවා .

ඔය දෙකෙන් එකක් අයින් කරන විදිය කියලා දෙන්න ලොකු උදව්වක් ....................

ඕකට තමයි කියන්නේ ලස්සනට යටින් .....අනතුරක් තියනවා කියලා


කදුල........

සතුටට 
දුකට 
දෙකටම 
විය 
කදුල
                                                   
                                                           
                                                           
                                           
   


     
හෙට තමයි මේ ලෝකයේ වැඩිම දෙනෙක් උපන්දිනය සමරන දවස ........
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
(හිග්......හි......හි...........)

සමහර අයට පුදුම හිතෙනවා නේද?මගේ උපන්දිනේ එදා නෙවෙයිනේ.....?
ප්‍රශ්න ගොඩක් නේද .......?

එහෙම කියන්නේ හෙට අප්‍රේල් 1 නැත්නම්  මෝඩයාගේ දවස නිසා ....

මේක අපිට කොහෙන් කොහොම අවාද කියා හරි තොරතුරු නැත.එහෙත් ලෝකයේ මෙය ආරම්භ වන්නේ කවදා කොහොමද කියා විවිද මත තිබේ

ශිත සෘතුව අවසන් වී වසන්ත කාලය සැමරීමේ දිනය ලෙස අප්‍රේල් 1 වැනිදා තෝරාගෙන ඇත.යුරෝපා රටවල මාර්තු 25 වැනිදා සිට සති දෙකක කාලයක් සෘතු මාරුව සදහා නිවාඩු ලබා දෙයි .එම කාලය සැහැල්ලුවෙන් කාලය ගත කිරීම සදහා.සමහරු සැහැල්ලුවෙන් කාලය ගත කිරීම සදහා වගකීම් රහිත වැඩද කරයි.එම නිසා මෙම කාලය මෝඩයන්ගේ කාලය ලෙසද හදුන්වයි .

එහෙත් බෙල්ජියම ,ඉතාලිය ,ප්‍රංශය වැනි රටවල කුඩා ළමයින් කඩදාසි වලින් සදා ගත් මළු රූපවලින් එකිනෙකට පහරදීමෙන් විනෝදයක් ලබයි.එය april fish ලෙස හැදින්වූ අතර පසුව april first වී ඇත.

අටවෙනි ග්‍රෙගරි රජු විසින් අලුත් දින කැලැන්ඩරයක් හදුනවා දී ඇති අතර එය ජනවාරි 1 වෙනිදායින් ආරම්භ විය.එහෙත් පැරණි කැලැන්ඩරය ආරම්භ වන්නේ අප්‍රේල් 1 වැනිදා සිටය.අලුත් කැලැන්ඩරය ජනතාව අතර ප්‍රචලිත කිරීම සදහා ග්‍රෙගරි රජු විසින් පැරණි කැලැන්ඩරය පටන් ගත් දිනය මෝඩයාගේ දිනය ලෙස නම් කරන ලදී.එදා සිට මේ දිනය පවත එන බව බොහෝ දෙනාගේ අදහස විය.එහෙත් එය නිශ්චිතවම පිළිගත නොහැක.

මේක මේ මම ඉස්සෙලම මෝඩයාගේ දිනය දැන ගත් දවස තමයි.

එදා පෝය දවසක් .අවුරුද්දනම් මතක නෑ.අපි පන්සල ගියේ රෑ වෙලා.පන්සල්වේ කතා වෙනවා වෙලා අයිනේ බෝ ගහේ දේවතා එළියක්‌ තියනවා කියලා.තව කට්ටිය මැණික් ගලක් බෝ ගහේ තියනවා කියලා කතා වෙනවා.අපිටත් ඔක බලනකම් ඉවසිල්ලක් නෑ.අපිත් ගියා වෙලා ලග තියෙන බෝ ගහ ලගට.අපි‍ට පේනවා බෙනයක් ඇතුලෙන් රතු පාට එළියක්‌.හැබැයි එතනට කිට්ටු වෙන්න බෑ.කටු නිසා.අපිත් ඈත තියා බැලුවා.හොදම වැඩේ කියන්නේ සමහරු සාධු ..සාධු ..කියනවා.අපිටත් කියනවා වදින්න කියලා.අපිත් ගොඩක් රෑ වෙනකම් බලන ඉදලා ගෙදර ආවා.

පහුවෙනිදා උදේ හැම ගෙදරකටම දොරේ කොලයක් ගහලා ගිහිල්ලා මෝඩයෝ ටික ටොක්කක් ඇන ගන්න කියලා .එතකොටයි කට්ටියට මතක වෙලා තියෙන්නේ එදා අප්‍රේල් 1 කියලා .

එතන තියලා තියෙන්නේ බල්බ් එක්ක .ඒ වැඩේ කරන්න මුල් වෙච්ච කෙනා දැන් ඉංජිනේරුවෙක් ....

ඔන්න ඔහොමයි මෝඩයාගේ දවස මම ඉස්සෙල්ලම දැනගත්තේ ........

මේ පොස්ට් එක අද බලලා රැවටෙන්න එපා .

හැබෙයි හෙට බස් එකේ කොන්දොස්තර වැඩිපුර සල්ලි ඉල්ලුවාම නොදී ඉන්න එපා .හෙට ඉදන් බස් ගාස්තුත් වැඩියි.එක බොරුවක් නෙවෙයි.........

ණය

හවස් වරුවක මාටින් ගොයිගේ කඩේ පැත්තට ගැටුව.කරන්න දෙයක් නැති මේ දවස්වල දාම් අතක් ඇදීමට කස්ටිය ඔතනට එනවාමය.කඩේට කිට්ටු කරන කොට ගිණි විජ්ජුම්බරය්කි.මාටියා කාටදෝ හොදටම දෙහි කපනවා.පතුරු  ගැලවෙනකම් බනිනවා.කොයි එකටත් එක්ක ඔලුව ඔබා බලිවෙමි.තව පොඩ්ඩෙන් මගේ ඔලුවද මාටියා උගසට ගනී.බනින්නේ එමලින් නැන්දටය.බනින්නේ ගත්තු ණය බඩු වලට හිලව්වටය.අම්මේ කාපු ඒවා වමාරන්නට කියවයි.අපේ සෙට් එක තෙමිච්ච කුකුලෝ වගේ අහන ඉදියි.මගේ කාටද ඇවිස්සෙයි.මේ මාසේ ගැනුන්ගේ ය.එහෙම එකේ මෙහෙම බනින්න බැරිය.මට වෝල්ට් පන්දහට මල පැන්නේය.

මොකද ඔයි ඔහොම බනිනේ.....මට එබෙටම කියැවුණි.
ආ...උබද....
මොකද උබ ණය ටික ගෙවනවද ?
තොත් මට රු.50 ණයයි යකෝ.
වෙන්න බෑ..
පොඩ්ඩක් හිටපන් ණය පොත ගේනකන්
...............................................................................
ආ....මේ බලපන් ගත්තු බඩු ලිස්ට් එක.
ගල් බනිස් 2 2/1
කෙසෙල් ගෙඩි 3
ප්ලේන්ටි 3

එකතුව 49.90 යි.

හරි හරි මුදලාලි ඕවා මොනවද ?මුදලාලි කියක් ණයද?
එහෙම කියපු ගමන් මුදලාලිගේ හුළං බැස්සේය.
තොට පිස්සුද ගස් ගෙම්බෝ ...මම ස්කරයාගේ පුතා වයිමටවත් ණය නෑ.
වෙන්න බෑ ...මුදලාලි කොටි ගානක් ණය ය.

වැඩි වෙලා හිටපු අපේ උන්දලා නැගිටලා මන ලගට කිට්ටු වුනේ නැද්ද.හරියට නිකන් ජන්දෙට නිකන් දෙන බඩු ගන්න කට්ටිය වගේ.

හරි කියපන් බලන්න ....
I M F
..........
..........
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

මම දන්නා සේරම දේවල් ටික කියලා දැම්මා.විතරයි මටියගේ ඇස්දෙක ටෝමබ සයිස් විය.හරියට ගෙමබන්ගේ ඇස වගෙය.

හරි හරි කොල්ලෝ කොහොමද මම ඔය ටික ගෙවන්නේ...
බය වෙන්න එපා මුදලාලිට බැරි වුනත් පුතා පොලියත් එක්ක ගෙවයි.පුතාට බැරි වුනොත් මුනුබුරා ගෙවයි එච්චරයි
අම්මේ දැනුයි මගේ ඇගට ලේ ටිකක් ඉනුයේ.හරි මම  පුතාගේ ණය ටික බෝල් ණය විදියට කපලා දැම්මා.

මගේ ගෘහ ආර්ථික විජ්ජාව නිසා මගේ ණය ටික කැපී ගියාය.ඇසිලින් නැන්දගේ ණය ටික කපන්නේ කොහොමද  කියා කියා කලපනා කර කර ඉන්න කොට මගේ ටියුබ් ලයිට් මොලේට මීටර් වුන තිතටම.

හරි දැන් ණයට බඩු ගත්තේ මොකටද ....
කන්න බෝල ..කන්න ..
හෝ හෝ... නැන්දේ කන්න නෙවෙයි සංවර්දනයට ..

මම මගේ විජ්ජාව පැහැදිලි කරන්න පටන්න ගත්තා ...;;;;;;;;
දැන් බලල අපේ පප්පා ණය ගන්නේ මොකටද.
ආයෝජනයට ......
රේස් බුකියට ....කවුද එකෙක් කියපි....
හරි හරි සහෝදරයා....රේස් කියන්නේ ආයෝජනයක්.එකනේ පහුගිය කලේ රෑ රේස් තිබ්බේ.එකේ ප්‍රතිපලයක් විදියට තෙල් මිල වෙඩි වුනා.අදායම වැඩි වෙන කොට බඩු වල මිලත් වැඩි වෙනවා .ඕකට කියන්නේ ඉල්ලුමට සැපයුම දෙන්න බැරි වුනාම මිල වැඩි කරා.

දැන් අපේ නංගි පපා ගෙන් ණයට ගන්නෙම ගෙවනවා කියලා.එයා මොනවද කරන්නේ බියුටි කචල් කොස් ..කුකරි ක්ලාස් ...ඒ මොකටද හොද බර මෝරෙක් අල්ල ගන්න.අපේ නංගි කියන්නෙම බියුටිය තියනවනම් චාල්ස් කුමාරයත් බදින්න පුළුවන් කියලා.හොද වෙලාවට එකී දන්නේ නෑ චාල්ස් දෙසරක් බැදලා කියලා .මෝරෙක් බැද ගන්නවයි කියන්නේ ගොඩේ ගොඩ

දැන් මම ණය ගන්නේ මොකටද කන්න ....හුටා කියපි ඇත්ත කියැවුණි.කොල්ලෝ හු කියපි....මම ලිස්ස ගියමි.ඔයිං මදැයි අතක පැයක නොකඩ් බේරුනා


මෙහෙම වෙනවද ...?

පහු ගිය දවසක අපේ රජා තුමාගේ relation  කෙනෙක්ට වෙච්ච දෙයක් කිව්වම තමයි මටත් මේක මතක් උනේ.මේ කෙනා අනුනට හින්ට් පාස් කරන්න රජෙක්.ගම අම්බලන්ගොඩ .එහෙනම් කතාව මෙන්න
                                                   --------------------------------

මෙයට කියන්නේ අජිත් කියලා.අම්බලන්ගොඩ තිබිලා තියනවා musical show එකක්.මේක බලන්න අජිත් අයියයි තව යාළුවෝ දෙන්නෙකුයි ගිහින් තියෙන්නේ.දැන් නිකම්ම බලන්න බැරි නිසා නැටුම් තෙල් වගයකුත් අරන් ගිහිල්ලා තියනවා.දැන් මේක දාගන්න තැනක් තුන් දෙනත් එක්ක හොයනවා.වැඩේ හරි ගියේම නැති තැන කට්ටිය beach ඒක පැත්තට ගිහින්.එතනත් හැම තැනම කට්ටිය නැටුම් තෙල පාවිච්චි කරනවා.තව ටිකක දුර ගිහිල්ලා.සුනාමියට ගිය පරණ ගෙවල් වගයක් තිබිලා තියනවා.එතනට තුන් දෙනාම ගිහින්.අන්තිමේට තුන් දෙනා පොඩි කාමරේක තියන් සප්පායම් වෙනවා.අජිත්ගේ කකුල එක පාරටම වලක වැටිලා.කට්ටිය phone එකේ එළියෙන් පොඩ්ඩක් හොයලා.එත කොටයි කට්ටිය දැනගෙන තියෙන්නේ මේ ඉන්නේ පරණ toilet එකක.දැන් කමක් නෑ කියලා කට්ටිය දිගටම බිලා.

ඒක නෙවේ හොදම දේ අජිත් අයියා පහුවෙනිදා වැඩට යද්දී කට්ටි ය කියනවලු "අජිත් මේ අර වගේ තැන් වලනම් ආයි බොන්න බෑ "සතියක් විතර යනකම් ඔක අහනවලු

මේකත් මේ අජිත් අයියගේ වැඩක තමයි.නිකම් නෙවේ සුර් පිට කරපු වැඩක්.දවසක් අපේ අක්කට ඒ කියන්නේ අජිත් අයියගේ ප්‍රියම්බිකාව ට ඇහෙනවලු සද්දයක්.රෑ 11 විතර.ටිකක් අජිත් අයියගේ වගේමලු.

සුදා දොර අරින්න්.....කෝ ......

ඩාර්ර්ලින් ....පැටියෝ .....අරින්න්කෝ දොර 

වස්තුවේ ...මගේ පණ ;;අරින්න්කෝ ....

තරහද .......වස්තුවේ...

පොඩ්ඩයිනේ...පරක්කු ..වස්තු ..

i love you  වස්තු ...

ඔහොම කියවනවා ඇහෙනවා.ඒ වුනාට දොර ට තට්ටු කරනවා ඇහෙන්නේ නැතිලු.කොයි එකටත් කියලා දොර ඇරලා බැලුවම තමයි දැකලා තියෙන්නේ ....අජිත් අයියා දොරකොඩ තියෙන පොල් ගහට තමයි තට්ටු කරලා දොර කියලා හිතාගෙන .

මිනිස්සුන්ට බිව්වම ඇත්තටම සිහිය කල්පනාව නැති වෙනවද කියලා හිතෙනවා.ඒ වුනාට පොලිසිය දැක්කම කෙලින් යනවා ....මේ දෙකේ වෙනස මොකක්ද .....

සුළගම විය (episode 2)

 මුල් කොටස බලපු නෙති අයට මෙතන 

මහිමට  පුදුම හිතුනි
ඇයි මෙ ………..
……..ඔයා  හොදට  exam පාස් වෙලා .
.මහිමගෙ මුහුනෙ  සිහින් සිනා රැල්ලක් ඇදුනි ..තවම මහිම ඇගෙ අත අල්ලාගෙනය .
.හා ….හා  අත අතාරින්න ……..එ එරන්ගගේ හඩය ..දෙදෙනගේ  මුහුණු වෙනස් විය ..යුවතිය එරන්ගට රැව්වය .
.නන්ගි අපිත් පස් ..අපිටත් දෙනවද ඔය අත. …
…තරහින් යුවතිය ගස්සාගෙන ගියය .
.කොහොමද  result  
ආයි අපිට එකට පිස්සු කෙලිය හැක ……මහ රජ ……..කවදත් කවටයකු වු පලිතය .

.සමහරු හඩයි ..එ දුකටද සතුටද කිය නොදනිමි ..කොහොමත් වැඩි බලපොරොත්තු තියන් හිටිය බොහෝ දෙනෙකු හඩයි ..එ ඔවුන් බලපොරොත්තු පරිදි  ප්‍රතිපල නොලැබී ඇති නිසාය.එත් අපේ තරුනයන්ටනම් මේ ප්‍රතිපලය ඉහටත් උඩින්ය .මහිම ඉන් කාටත් වඩා හොදින් සමත් වී තිබුණි.කොහොමත් මහිම දක්ෂ ළමයෙකි.එත් වැඩිය ප්‍රදර්ශනය කල අයෙකු නොවෙයි .කොහොමත් කෙල්ලන්ට වඩා කොල්ලන් තමන්ගේ දස්කම් පෙන්වන්නේ අඩුවෙනි.අවශ්‍ය වෙලාවට පෙන්වයි.එය පිරිමි කමද ?
කොල්ලන් පිරිස මුළු පාසල් වත්ත පුරා ඇවිදියි .

අන්න තැබිලි ගහේ ලස්සන ....මස තුනකින් විතර කුරුම්බයක් බිව්වෙම නෑ.කඩමුද?
මේ අදවත් පොඩ්ඩක් හිටපන්
මෙන්න මූ උපාසකයා වෙලා.

මහිම කොල්ලන් රැනට වැටුනට පසු දග වැඩ කරයි.එත් අද නිවිනු ගතියක් පෙන්වයි .ඉලන්දාරියා වෙනස් වෙලාද?
කට්ටිය වගේ එකට පාසලෙන් පිටවිය.අපේ තරුණයන් සිව්දෙනා  සමග කෙල්ලන් ති දෙනෙක් නිවෙස් බලා යයි .
මේ අළුතෙන් කෙල්ලොත් එයිනේ ...
ඇයි ...ඉසුරුට සෙට් කර ගන්නද ...
මේකනේ සදා ....දැන් උබලා දැකලම මට එපාවෙලා ...අලුත් කොල්ලොත් අවොත් උබලා සෙට් කරගනින්.අපෙන් කිසි බාදාවක් නෑ.නැද්ද මහිම
මේ ඕන එකක් සෙට් කරගනින්.හැබැයි ආපු ගමන් නෙවෙයි.නැත්නම් උන් අපේ කරේ යයි ගෝනි නැතිව.
බයවෙන්න එපා මහිමයා rag එක දීලම සෙට් කරගන්නවා.

මොකද ප්‍රීති කතා නැත්තේ....
ප්‍රීති හා ඉසුරු අතරේ විශේෂ ඇගලුම් කමක් නැතත් .දෙදෙනාගේම හිතේ අදහස කියාගන්න බැරි ගැනය.

මේ ප්‍රීති බොරුවට බුම්මන් ඉන්න එපා.අපේ ඉසුරුවා උබට love .....මූ මේක කියවගන්න තමයි වෙන කෙල්ලෝ ගැන කියෙව්වේ....
.කොහොමත් කෙල්ලන් තමන් කැමති කෙනෙක් වෙන දෙයක් ගැන වර්ණනා කරනවාට කැමති නැත.ඒ ගැනුන්ගේ හැටිය.ලද බොලද කමයි.
එකෙක් හරිය.අපේ මහිමයටත් එකක් සෙට් වෙලා ...
කවුද ඒ ....සියල්ලන්ටම ප්‍රශ්නයකි.
කවුද ඉතින් මලානි ටීචර්ගේ දුව ...අප්සරා ...දැක්කේ නැද්ද අතට අත දීපු විදිය.
මේ පාලිත ...කට තිබුන පලියට කතා කරන්න එපා ..උබගේ හිතේ ඇති .මම ඕනනම් අප්සරගෙන් අහන්නම්.

දැඩි නිහඩ බවක් තිබුණි.අන සියලු දෙනාට පසුව ඉසුරු සහ ප්‍රීති ආදර බස් දොඩමින් යයි.
 මම යනවා ..
මහිම නිවාස දෙසට හැරුනාය
තරහද මත එක්ක ...පාලිත ආයාචනාත්මක සරයෙන් කතා කරයි 

නෑ 

සුළග හමයි ඊ ලගට 

හොදට රගති

නළුවන් නළගණන් කොතෙකුත් නැටුවත් කම් නැත.ඔවුන් රගන විට අපටද රසයක් ලැබේ.දැන් හොදටම නටන්නේ නළුවන් නොවෙයි.ඒ එළුවන්ය.එළුවන් කියන්නේ නළුවාගේ වැඩේ කිරීමට ගොස් රටේ සම්පත් විනාශ කරන අයටය.මේ දිනවල මේ අය හොදටම නටති.රගති.මඩිය තර කර ගනිති .

මේ දවස්වල මත්තලට අපේ නළු බට්ටෝ හොදටම රගති.එහි තිබෙන ලොකුම නැටීම සිදු වන්නේ පාලක නැති දේවල් කිරීමටය.මේ මාසේ 11 වෙනිදා උඩවලව වැව් බැම්ම උඩ අපුරු රංගනයක් නිරත විය.උඩවලවෙන් පෝෂණය වන සියලුම කුඹූරු හිමියන් මේ රංගනයේ යෙදී සිටීමට සිදු විය.මෙහි නිමතෘ වුයේ මහවෙලි අධිකාරියයි.ගොවීන්ට කිරීමට තිබුනේ වැව් බැම්මේ තණකොළ කැපීමටය.එහි මහා කැළයක් නොමැත.එත් ලොක්කන්ගෙන් ලකුණු දා ගැනීම සදහා මෙය කර ඇත.මෙවැනි ශ්‍රමදාන තිබුනාට කම් නැත.එහෙත් මෙවැනි බාලාංශ පන්තියේ වැඩ නොකළ යුතුය.කිරීමට ඕන තරම් වැඩ ඇත.ඇළ වේල්ලක් සුද්ද කරානම් මිට වඩා වටිය.කරේ බැරි වෙලාවත් ජනදිපතිතුමන් ගියොත් ඇස පිනවන වැඩකි.වැව් බැම්ම් ලස්සනට තියනවා.එත් ඇල වේලි කැඩී ගොස්ය.

ඒ අතරේ පාලම් බෝක්කු පවා අළුතෙන් සායම් කරයි.ඒ වෙනුවෙන් සේවකයන් බොහෝසෙයින් මහන්සි වෙයි.ඔවුන්ගේ එකම එලක්කය 17 වෙනිදා වෙද්දී සායම් කර නිම කිරීමය.මේ පාලම් බෝක්කු මිට මාස 6 පෙරද පාට කර ඇත.සේවකයන් කියන්නේ අපොයි සල්ලි කියය.

මත්තල වෙනුවෙන් ආණ්ඩුව වෙන් කර ඇති මුදලෙන් 8\1 තරම් මුදලක් මාකටින් වෙනුවෙන් වියදම් කරනවා ඇත.අපේ රටේ රුපවාහිනී හා ගුවන්විදුලි ආයතන හතලිස් ගන්නකි.මෙයින් රජයේ ආයතන 10 කි.මේවයේ මත්තල වෙනුවෙන් යන දැන්වීම් වලට ගෙවිය යුතු මුදල ඇති විශාලය.සෑම පයකට වරක් දැන්වීම් ප්‍රචාරය වේ.මේ සදහා ගෙවන්නේද අපි උගසට තිය ගත් ණය වලින්මය.අන්තිමේදී රැගුවේ කවුරුවත් තෑලුනේ අපය.

අපේ රටේ රාජ්‍ය සේවකයන් කියන්නේ අමුතුම ජාතියකි.දේශපාලකයන්ගේ ඕන ගොන් වැඩකට එහෙයි කියන ජාතියකි.නැත්නම් මේ තරම් විශාල මුදලක් නිරපරාදේ විනාශ වීමට දෙයිද.නැත්නම් දේශ පාලකයන් ගොනාට අන්දවිමක්ද.එයට හොදම උදාහරණය තමයි ජනාධිපති ප්‍රේමදාස මහතා ගමන් බිමන් යද්දී දුප්පත් නිවාස වල සුදු හුණු ගා ගෝනි එල්ලා ප්‍රදර්ශනය කර ඇත.එවිට ජනාධිපති තුමන් සිතන්නේ තමන්ගේ සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රථිපල ලෙසටය.එසේ කිරීම තුලින් නිලධාරීන් ලකුණු දමාගෙන ඇත.

රජ්‍ය සේවකයන් ඕන ආණ්ඩුවක් යටතේ වැඩ කලයුතුය.මේ ආණ්ඩුවේ මෙන්ම ඉදිරියට පත් වන ආණ්ඩුවේද වැඩ කළ යුතුය.ඒ නිසා මේ ආණ්ඩුවේ ගොන් කම් වලට සහය ලබා නොදිය යුතුය.එයට සහය නොදුන්නා කියා ඔබට වෙන පඩුවක්ද නැත.මේ ආණ්ඩුව සදා කල් පවතින්නේද නැත.ඔබ රාජ්‍ය සේවකයකු ලෙස පත් වද්දී මේ රටේ සියලුම පුරවැසියනට සමානව සැලකීම හා රට අරක්ෂකිරීමට දිවිරුම් දෙති.එහෙත් මෙවැනි ගොන්කම් කිරීම තුලින් රට විනාශ කිරීමේ පාපයට ද ඇසුවේ.

අපේ රාජ්‍ය සේවකයන් ගස් බදිනවාට කෙමතිය.කැමැත්තෙන් ගස් බද ගනී.එහෙම අය ගැන කවර කතාද.?
ඔවුන්ට කොන්දක් බද්ද කලයුතුය,මෙය සියලුම දෙනාට වලංගු නැත.කොන්ද කෙලින් තියාන වැඩ කරන අයත් සිටිය.ඔවුන්ට අපි හිස නමා ආචාර කලයුතුය.

උගත් අධ්‍යාපනයක්‌ ලත් මහත්වරු ,පාලම් බෝක්කු උඩ බිඩි බිබී හිටපු අයට බය විය යුතු නෑ.

කවදා හෝ  මේ මෝඩ කම් වලට තිත තැබිය යුතුය.රාජ්‍ය සේවකයන් සිතා සිටිනවා පාලකයන ගොනාට ඇද ඇත කියා.පාලකයන හිතා ඉන්නවා සේවකයන තමන්ගේ වහල්ලු කියා.අන්තිමට දෙගොලෝම හොදට ඇද ඇත.

ලොක්කන්ගෙන් ලකුණු දා ගැනීම වෙනිවට රාජකාරිය දේව කාරියක් සේ කිරීමට හැකි වේවා !!!!!!

i don't no


මගේ හිත
මටත් හොරෙන්
නුබව සොයනවා
මම දන්නේ නෑ

පන මෙන් රැකි
නුබේ ආදරේ
හැරගියේ ඇයි
මම දන්නේ නෑ

චපල පෙම
හඩවයි මා
එයම සොයයි
මම දන්නේ නෑ

හිත ගිය තැන
හැදෙනවලු මාලිගාව
මටම දුක ඇයි  කියා
මම දන්නේ නෑ
   
    -------------------
මම දන්නේ නෑ

හෙට ඔබේ දවස .....

අක්කේ හෙට ඔයාලගේ දවස නේද 

මම අනදුන් කොන්දුන් විය.පොඩි මල්ලි තවම සිනාසෙයි.මොකක්ද ඒ දිනේ කියල.පහුගිය දවස්වල නම් valentine තිබුනා.එත් මේ දිනය මොකක්ද

මේ මල්ලි අගේ නොකර කියන්න ...කෝ ..

මල්ලි මගේ කණට කරලා කරනවා කිව්වා.මටම ලැජ්ජහිතුන

මේ post  එක අද ලියනවද හෙට ලියනවද කියා කියා හිත හිතා හිටියේ.කමක් නැ ඕන දෙයක් වෙද්දෙන් කියලා අද ලිව්වා.

මොකක්ද මේ දවස

පින්තුරේ දැක්ක හැටියේම දිනේ තෙරුනනේ.මාර්තු 8 තමයි ලෝක කාන්තා දිනය.මුලින් මෙය හැදී වුයේ ජාත්ත්‍යන්තර රැකියා නියතු කාන්තාවගේ දිනය කියල.පස්සේ තමයි කාන්තා  දිනය කියලා වෙනස් වුනේ.

ගෑනුන්ට මොකටද දිනයක් 

මුල් කාලයේ කාන්තාවන්ට හිමි විය යුතු සමනත්වතාවය හා ගවුරවය නොලැබිණි.එම  ආදරය හා ඇගයීම ලබා ගැනීමද මෙහි අරමුණක් විය.

මුල් කාලයේදී කාන්තාව හැදින්වුයේ පිරිමින්ගේ අවශ්‍යතාවයන් සැපිරීම හා වර්ගයා බෝ කිරීම පමණක් කාන්තාවන්ට අයිති රාජකාරියක් ලෙස හදුන්වන ලදී .එහෙත් කාන්තාවනට හිමිවිය යුතු තැන පිලිබදව ඇමරිකා එක්සත් ජනපදයේදී කතිකාවතක් ඇති විය.ඒ 1909 වසරේදීය.1910 වසරේදී ලෝක කාන්තා සමුළුව  පැවැත්විණි.මේ සදහා කාන්තාවන් 100 ක් රටවල් 17 කින් පැමිණ තිබුණි.

රුසියාව විසින් ලෝක කාන්තා දිනය සමරන ලද්දේ අවසන් ඉරිදා පෙබරවාරි මස ඒ 1917 දිය.ඒ කොහොම වුනත් එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් 1977 දී ලෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත කරන ලදී ඒ මාර්තු 8 වෙනිදාය.
බටහිර රටවල් මෙම දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සමරනවා.අපි හරියට valentine සමරනවා වගේ.

ගොඩක් දෙනෙක් මෙය දකින්නේ හුදෙක් දේශපාලනික වූ දිනයක් ලෙසයි.මොකද මෙම දිනයේදී පණිවිඩ නිකුත් කරන්නේ දේශපාලන මත වාද  නිසා.

කොතරම් නීති හා දින තිබුනත් කාන්තාවන්ට සිදුවන හිරි හැර වලින් නම් අඩුවක් නැත.ඒ නිසා මෙම දිනය විහිළුවක් සේ පෙනෙ.

මෙවර එහි තේමාව වනුයේ පවුල රකින ඇය සුරකිමු 

102 වරටත් මෙය හෙට සමරයි.එය එය තවත් එක දිනයක් පමණක් වේවිද.කාන්තාව එතනමද

මෙන්න අපේ රටේ යම් යම් දේශපාලන පක්ෂ පැවැත්වූ කාන්තා දින රැලි




අපේ අයියලා බය වෙයිද මන්ද.මොකද එයාලට දිනයක් නැද්ද කියල.නැ එයාලටත් දිනයක් තියනවා.ඒ නොවෙම්බර් 19 එදාටත් පොස්ට් එකක් දාන්නම්කො

(කාන්තාව හා අයිතිවාසිකම් කියල තව පොස්ට් එකක ලගදීම දානවා.මේකට විස්තර හොයාගන්න බැරිවුණා නිසා )

කාන්තාවන්ට සදා ජය ........!!!!!!!!!!!!!

මාරු කිරිම = වැඩි කිරිම

මේ ලගදි අපේ කැබිනෙට්ටුවේ වෙනසක් විය.වෙනසක් කිව්වට ලොකු වෙනසක් නෙවෙයි.හීනියට කාඩ් කුට්ටම ඇනිමකි.තවත් අය කිව්වේ ලෝකයේ ලොකුම කැබිනෙට්ටුව තවත් ලොකු කළා කියලා.කාටද ආඩම්බර 


කොහොමත් ලංකාවේ ඇත්තේ ලොකුම දේවල්ය.ඕනනං පොඩ්ඩක් කියන්නම් 
1.දකුණු ආසියාවේ ලොකුම සිනි කර්මාන්තශාලාව හිගුරානය
2.;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;පොල්තෙල් මොලත් ලංකාවේය.තැන මතක නැත.

ඔය වගේ ගොඩක් ඒවා ලංකාවේ ඇත.ඒ එකක්වත් ක්‍රියාත්මක නැත.ඒ කනේ අපට අමතක.

මේ කියන්න යන්නේ ලොකුම ඒවා නෙවෙයි.ලෝකයේ ලොකුම එකේ කට්ටිය මාරු වෙනකොට අපට වෙනදේවල් තමයි.මේකට සිංහල ප්‍රස්තපිරුළු තියනවද දන්නේ නේ.මොකද ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ කියලා කියන්න බැරි නිසා.

අපේ හිටිය තෙල් ඇමති තුමනේ සුසිල් ප්‍රේමජයන්ත  කියනේ.එතුමාගේ තෙල් ඇමතිකම නැතිවුනනේ.ඒ කට හේතුව තමයි සිංහල අවුරුද්ද වෙනකම් වැඩි කරන්නේ නෑ කිව්වනේ තෙල් මිල.ඒ වුනාට වැඩි කරන්න වුන.දැන් මොකද කරන්නේ ගියා ජනධිපතිතුමා හම්බවෙන්න ගිහින් කියපි අනේ බුදු සර් මේ ඇමතිකම මට එපෝ.බැරි වෙලාවත් තෙල් වැඩි වුනොත් මම රෙදි ඇදන් ඉන්නේ කොහොමද කියල.ජනාධිපතිතුමාටත් තේරුනා මේක නියම වෙලාව කාට හරි දෙන්න .බැලුව හොදම කෙනා ඒ තමයි දොශාභියෝගයේදී හොදට වැඩ කළ අනුර ප්‍රියදර්ශන යප මහතාට.අනුර මහත්තයා ආපු ගමන් තෙල් මිල වැඩි කළා.අන්තිමට ලෝක වෙල්දපොල්යි අලුත් ඇමති තුමාගේ ප්‍රතිපත්ති මත තමයි තෙල් වැඩි වුනේ කියලා කිව්වා.
ඕකට කියන්නේ සුසිල් දීලා අනුර ගත්තා කියලා 

අනිත් ඇමතිකම උනේ පාඨලී මහත්තයාගේ විදුලිබල ඇමතිකම.බැ මේ මනුස්සයට මේක කරන්න බැ.කියන කිසිදෙයක් අහන්නේ නෑ එක නිසා අයින් කර.හැබැයි ගිය සැරේ එතුමාව පත් කරද්දී කිව්වේ විදුලිබලය පිළිබද විශේෂඥයෙක් පත් කළා කියල.අත්ත එතුමා ඒ පිළිබදව යම් දැනීමක් සහිත කෙනෙක්.ඒත් මේ ආණ්ඩුවේ ලෝකන්ගේ තීරණ මත ඒවා ක්‍රියාත්මක වුනේ නෑ.අන්තිමට පවිත්‍රා නෝනව දැම්ම.දෙන එතුමිය කල්පනා කරන්නේ කොහොමද ලයිට්බිල වැඩි කරන්නේ කියලා.එකට මුලික සැලැස්ම විදියට උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත.නෝනා අද හෙට වැඩි කරනු ඇත.

අලුතෙන්ම ආ අමතිකමනේ සිනි කියන්නේ.සිනි ඇමතිතුමා පත් වෙලා සතියක් ගියේ නැත,සිනි මිලද වැඩි විය.එය තමයි මෙයට තියෙන සරලම උදහරනය.අපි කැමතිය සිනි ඇමතිකම නැතිවෙනවට.මොකද එතකොට සිනි මිල ගියත් අපි කාටවත් බනිනේද නැත.

මේ ඇමති කමක් නිසා මේ මහත්තුරු අපෙන් නිරතුරුවම බැනුම් අහයි.ඒත් මෙය දමා යන්නේද නැත.

මේ ලංකාව මේ ලගකදී සිට අශ්චර්යේ දොර කඩට ඇවිත් වගේ කියා මට සිතෙයි.මොකද මෙතරම් ඇමතිවරු සිටින නිසා.අධ්‍යපනයට ඇමතිවරු3  කි.බලක්ශක්ති ය හා සම්බන්ධ විෂයක් වන පුනර්ජිව බලශක්ති කියන එක පරිසරයට එකතු කර ඇත.

ඔවෙනි විකාරයකි මේ ඇමති මඩුල්ල.ඇමතිවරු වෙනස් වෙනවත් එක්ක අපේ පොකට් එකටද තට්ටුන් වී ඇත.
පුත්තු වර්ග දෙකක් ඇත.
                               
                                 පුත්තු
                               
                                නොට්ටිගේ පුත්තු

 සාමාන්‍යයෙන් පියා කළ දේ පුතා නොකොළොත් ඌ නොට්ටිගේ පුතා කියා කියමනක් ජනප්‍රවාදයේ ඇත.ඔය දේ කොයි පුතත් කරයි.එහෙත් ඒ කරන පුතා අනුව තත්වය වෙනස්ය.

අපේ රටේ දේශපාලකයින්ගේ පුත්තු තාත්තලාට එහාය.මොකද තම පියා නොකරපු බොහෝ දේ පුතා කරයි.හොද දෙයක් නම් කමක් නැත.ඒත් මේ කරන දේවල් .......

අපට හුරු පුරුදුම පුතා ,ආචාර්ය තුමාගේ පුතා වන මලක සිල්වාය.ඒ පුතානම් නොට්ටිගේ පුතාටත් එහා ගිය පුතෙකි.ඒ ගැන කතා කර වැඩක් නැත.මොකද ඒ ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ අනාගත අධ්‍යාපන ඇමති තුමය.

මෙන්න අපේ අලුත්ම පුත්රත්නය ,එසේ මෙසේ කෙනෙක් නොව අපේ අනාගත අගමැතිතුමාගේ පුතය.ඊ ලගට  අපේ අනාගත ජනාධිපතිතුමාගේ පුතය.මොකද අගමැතිට පස්සේ ජනාධිපති විය හැකි නිසා.

මේවා අපි කටකහනවට ,වාචාල කමට කියන ඒවා නෙවෙයි.සිරිසේන මහතාගේ පුතා කියපු කතාවකි.තාත්තාගේ සිහිනය සාර්ථක කරගැනීමට පුතාගෙන් ලැබුන උපකාරයකි.මොකද සිරිසේන මහතාගේ සිහිනය ගැන වැඩිය කතාබහක් නැති නිසා.සිරිසේන මහතාට තියෙන්නේ මේ වෙලාවේ ලකුණු කොහොම හරි දාගෙන ගොඩ යාමය.

මේ වෙලාවේ සිරිසේන මහතා නිශ්ශබ්ද  ඇයි.....?අපට මතකයි තම සොහොයුරා ඒ කියන්නේ වැලි රාජා අත්තඩන්ගුවට ගැනීමට කිවේ සිරිසෙන් උන්නැහේය.මොකද  පොලිසිය ඇමති අයියාට තියන බයටය ඒක නිසා ඇල්ලුවේ නැත.ඒ හයිය අකුලගත්තට අපි කිවේ අන්න මහත්තුරු කියාය. .ඒ වෙලාවේ සිරිසේන හොදය.දැන් සිරිසේන බලු වටින්නේ නැත.මොකද පොලිසියට බලපෑම කිරීමට දේශපාලකයන්ට ඇති හැකියාව මෙයින් පෙනේ.මල්ලි අල්ලන්න කිවනම් පුතා නිදහස් කරන්නටද කියා කිවිය හැකිය.මොකද මෙය තවම ලංකාව නිසා.

ඇමති පුතාගේ අය අමුතු කතාවක් කියයි.අපේ තාත්තා d.i,g කියා.එහෙම කියන්නට ඇත.මොකද අපි වන්සේ කබල්ගාන්නට කැමතිය.ඒත් 13 දෙනෙකුට පහර දීමට ඇති හැකියාව ගැනය.ඒ ගැන වෙනම පරීක්ෂණයක් කල යුතු නිසා.මොකද ඔය කරාටේ වෙනි සංගමයක් පුහුණු තනතුරක් දී වැඩක් ගැනීමටය.

මේ සිදුවීම නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ බෙල්ල ගහලා යාමට නියමිතය.මොකද එතුමාගේ ප්‍රකාශනයේදී සිරිසේනගේ නම කෙලින්ම කියවුනා කියාය.ඊ ළගට d.i.g මහත්තයට උන් හිටි තැන්ද නැතිවිය හැකිය.මතකනේ අර හමුදා මේජර්වරයට උනදේ.මෙතුමටද මෙයම විය හැකිය.

නිතිය උන්ගේ - සිරබත අපේ උන්ගේ 

අවුරුද්දකටම නිකන්

මේක මම දැකපු දෙයක් නිසා තමයි ලියන්න හිතුනේ.අපි හැමෝම  වයිරස්ගාඩ් පවිච්චි කරනවනේ.ඒ කෙනෙනුත් ගොඩක් ඒ වා නීති විරෝදිව පාවිච්චි කරන ඒ වනේ.

ඒ කියන්නේ ක්‍රැක් පැච් වලින් වැඩකරන ඒවා.

අනික බ්ලොග් වලත් වැඩිපුරම තියෙන්නේ මෙහෙම දෙන වයිරස්ගාඩ් ගැන.

අනික facebook එකෙත් වෙඋපුර ඉල්ලන දෙයක් තමයි මට අහවල් එකේ ක්‍රැක් එක දෙන්න කියලනේ.

මෙන්න ඒ කට විසදුමක්

මමත් ඉස්සර ඉදලම පාවිච්චි කරේ avira තමයි.ඒ වුනාට ඒ ක වලංගු මාස 6 නේ.ඔක සල්ලි දීලා ගන්න වත්කමක් නැනේ.අනික free එක දැම්මම computer slow වෙනවා.

මෙහෙම ඉනනකොට මට මේක හම්බවුන.

                                                         මල් දෙයි ඈ 
                                      නිවනට  නොව 
                                      පණ රැකුමට



සුළගම විය

ඉලන්දාරියෙක් මිදුලේ එහෙ මෙහෙ ඇවිදියි.අවුල් වූ හිස කේ ඇති විටක ඔලුව කසයි.අවුල් වුවද නුතන තාරුන්නයේ විලසිතාවක්ද කියා සිතිය හැකිය.මුහුණේ රැවුල් කොට යම්තාක් දුරට වැවී ඇත.


 අයියා ....අද රිසල්ට් එනවා නේද?.....

මේ කොයිබටද

අපේ රට පුදුමාකාරය.කාලෙන් කාලයට එකක රැලි එයි.අපි සැවොම ඒ වට ගසාගෙන යයි.එය වෙලේක්විය නොහැකි විය.අපේ රටේ පැමිණි රැලි මෙසේ ය.

සංගීතය = නොන්ස්ටොප් ,හින්දි ,පිරිමි ගායිකා හඩින් ද ,මල් පන්සල්  hipop rnb ලෙස 

විලාසිතා =බෙල් බොටම් ,සරම ,කුර්තා බෙකම් දක්වා 


දේශපාලනය = දේශප්‍රේමියා සිට දේශද්‍රෝහියා දක්වා 


       මේ රැලි කිහිපයකි .මෙකි නොකී භෝ රැලි පැමිණ ඇත.තව පැමිණීමටද ඇත.


මෙන්න අලුත්ම රැල්ල 

                                 

සිතුවිලි

"මිනිසා සිතන්නේ කොයිතරම් දුරටද ඒ තාක් දුරට ඔහු නිදහස්ය "
 
       
  මෙහෙම කිව්වේ රැල්ෆ්වෝඩො එමර්සන් තමයි මෙහෙම කිව්වේ .බලමු මගේ සිතුවිලි කොයිතරම් දුරද?ඒ දුරට ඔබ ඒවිද කියා ......
   

ඔයා කැමතිද

කට්ටිය එන්නේ මෙහෙන්

Flag Counter

ඔත්තුවක්

අනුග්‍රහය

sinhalaya sindiya


” />