පහු ගිය දවසක අපේ රජා තුමාගේ relation  කෙනෙක්ට වෙච්ච දෙයක් කිව්වම තමයි මටත් මේක මතක් උනේ.මේ කෙනා අනුනට හින්ට් පාස් කරන්න රජෙක්.ගම අම්බලන්ගොඩ .එහෙනම් කතාව මෙන්න
                                                   --------------------------------

මෙයට කියන්නේ අජිත් කියලා.අම්බලන්ගොඩ තිබිලා තියනවා musical show එකක්.මේක බලන්න අජිත් අයියයි තව යාළුවෝ දෙන්නෙකුයි ගිහින් තියෙන්නේ.දැන් නිකම්ම බලන්න බැරි නිසා නැටුම් තෙල් වගයකුත් අරන් ගිහිල්ලා තියනවා.දැන් මේක දාගන්න තැනක් තුන් දෙනත් එක්ක හොයනවා.වැඩේ හරි ගියේම නැති තැන කට්ටිය beach ඒක පැත්තට ගිහින්.එතනත් හැම තැනම කට්ටිය නැටුම් තෙල පාවිච්චි කරනවා.තව ටිකක දුර ගිහිල්ලා.සුනාමියට ගිය පරණ ගෙවල් වගයක් තිබිලා තියනවා.එතනට තුන් දෙනාම ගිහින්.අන්තිමේට තුන් දෙනා පොඩි කාමරේක තියන් සප්පායම් වෙනවා.අජිත්ගේ කකුල එක පාරටම වලක වැටිලා.කට්ටිය phone එකේ එළියෙන් පොඩ්ඩක් හොයලා.එත කොටයි කට්ටිය දැනගෙන තියෙන්නේ මේ ඉන්නේ පරණ toilet එකක.දැන් කමක් නෑ කියලා කට්ටිය දිගටම බිලා.

ඒක නෙවේ හොදම දේ අජිත් අයියා පහුවෙනිදා වැඩට යද්දී කට්ටි ය කියනවලු "අජිත් මේ අර වගේ තැන් වලනම් ආයි බොන්න බෑ "සතියක් විතර යනකම් ඔක අහනවලු

මේකත් මේ අජිත් අයියගේ වැඩක තමයි.නිකම් නෙවේ සුර් පිට කරපු වැඩක්.දවසක් අපේ අක්කට ඒ කියන්නේ අජිත් අයියගේ ප්‍රියම්බිකාව ට ඇහෙනවලු සද්දයක්.රෑ 11 විතර.ටිකක් අජිත් අයියගේ වගේමලු.

සුදා දොර අරින්න්.....කෝ ......

ඩාර්ර්ලින් ....පැටියෝ .....අරින්න්කෝ දොර 

වස්තුවේ ...මගේ පණ ;;අරින්න්කෝ ....

තරහද .......වස්තුවේ...

පොඩ්ඩයිනේ...පරක්කු ..වස්තු ..

i love you  වස්තු ...

ඔහොම කියවනවා ඇහෙනවා.ඒ වුනාට දොර ට තට්ටු කරනවා ඇහෙන්නේ නැතිලු.කොයි එකටත් කියලා දොර ඇරලා බැලුවම තමයි දැකලා තියෙන්නේ ....අජිත් අයියා දොරකොඩ තියෙන පොල් ගහට තමයි තට්ටු කරලා දොර කියලා හිතාගෙන .

මිනිස්සුන්ට බිව්වම ඇත්තටම සිහිය කල්පනාව නැති වෙනවද කියලා හිතෙනවා.ඒ වුනාට පොලිසිය දැක්කම කෙලින් යනවා ....මේ දෙකේ වෙනස මොකක්ද .....