හෙට තමයි මේ ලෝකයේ වැඩිම දෙනෙක් උපන්දිනය සමරන දවස ........
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
(හිග්......හි......හි...........)

සමහර අයට පුදුම හිතෙනවා නේද?මගේ උපන්දිනේ එදා නෙවෙයිනේ.....?
ප්‍රශ්න ගොඩක් නේද .......?

එහෙම කියන්නේ හෙට අප්‍රේල් 1 නැත්නම්  මෝඩයාගේ දවස නිසා ....

මේක අපිට කොහෙන් කොහොම අවාද කියා හරි තොරතුරු නැත.එහෙත් ලෝකයේ මෙය ආරම්භ වන්නේ කවදා කොහොමද කියා විවිද මත තිබේ

ශිත සෘතුව අවසන් වී වසන්ත කාලය සැමරීමේ දිනය ලෙස අප්‍රේල් 1 වැනිදා තෝරාගෙන ඇත.යුරෝපා රටවල මාර්තු 25 වැනිදා සිට සති දෙකක කාලයක් සෘතු මාරුව සදහා නිවාඩු ලබා දෙයි .එම කාලය සැහැල්ලුවෙන් කාලය ගත කිරීම සදහා.සමහරු සැහැල්ලුවෙන් කාලය ගත කිරීම සදහා වගකීම් රහිත වැඩද කරයි.එම නිසා මෙම කාලය මෝඩයන්ගේ කාලය ලෙසද හදුන්වයි .

එහෙත් බෙල්ජියම ,ඉතාලිය ,ප්‍රංශය වැනි රටවල කුඩා ළමයින් කඩදාසි වලින් සදා ගත් මළු රූපවලින් එකිනෙකට පහරදීමෙන් විනෝදයක් ලබයි.එය april fish ලෙස හැදින්වූ අතර පසුව april first වී ඇත.

අටවෙනි ග්‍රෙගරි රජු විසින් අලුත් දින කැලැන්ඩරයක් හදුනවා දී ඇති අතර එය ජනවාරි 1 වෙනිදායින් ආරම්භ විය.එහෙත් පැරණි කැලැන්ඩරය ආරම්භ වන්නේ අප්‍රේල් 1 වැනිදා සිටය.අලුත් කැලැන්ඩරය ජනතාව අතර ප්‍රචලිත කිරීම සදහා ග්‍රෙගරි රජු විසින් පැරණි කැලැන්ඩරය පටන් ගත් දිනය මෝඩයාගේ දිනය ලෙස නම් කරන ලදී.එදා සිට මේ දිනය පවත එන බව බොහෝ දෙනාගේ අදහස විය.එහෙත් එය නිශ්චිතවම පිළිගත නොහැක.

මේක මේ මම ඉස්සෙලම මෝඩයාගේ දිනය දැන ගත් දවස තමයි.

එදා පෝය දවසක් .අවුරුද්දනම් මතක නෑ.අපි පන්සල ගියේ රෑ වෙලා.පන්සල්වේ කතා වෙනවා වෙලා අයිනේ බෝ ගහේ දේවතා එළියක්‌ තියනවා කියලා.තව කට්ටිය මැණික් ගලක් බෝ ගහේ තියනවා කියලා කතා වෙනවා.අපිටත් ඔක බලනකම් ඉවසිල්ලක් නෑ.අපිත් ගියා වෙලා ලග තියෙන බෝ ගහ ලගට.අපි‍ට පේනවා බෙනයක් ඇතුලෙන් රතු පාට එළියක්‌.හැබැයි එතනට කිට්ටු වෙන්න බෑ.කටු නිසා.අපිත් ඈත තියා බැලුවා.හොදම වැඩේ කියන්නේ සමහරු සාධු ..සාධු ..කියනවා.අපිටත් කියනවා වදින්න කියලා.අපිත් ගොඩක් රෑ වෙනකම් බලන ඉදලා ගෙදර ආවා.

පහුවෙනිදා උදේ හැම ගෙදරකටම දොරේ කොලයක් ගහලා ගිහිල්ලා මෝඩයෝ ටික ටොක්කක් ඇන ගන්න කියලා .එතකොටයි කට්ටියට මතක වෙලා තියෙන්නේ එදා අප්‍රේල් 1 කියලා .

එතන තියලා තියෙන්නේ බල්බ් එක්ක .ඒ වැඩේ කරන්න මුල් වෙච්ච කෙනා දැන් ඉංජිනේරුවෙක් ....

ඔන්න ඔහොමයි මෝඩයාගේ දවස මම ඉස්සෙල්ලම දැනගත්තේ ........

මේ පොස්ට් එක අද බලලා රැවටෙන්න එපා .

හැබෙයි හෙට බස් එකේ කොන්දොස්තර වැඩිපුර සල්ලි ඉල්ලුවාම නොදී ඉන්න එපා .හෙට ඉදන් බස් ගාස්තුත් වැඩියි.එක බොරුවක් නෙවෙයි.........