යෝජනාව

බලයි          පත්තර
දමයි           විස්තර
කරයි        සවිස්තර
රගයි       සුත්තර


බලයි       හදහන්
ගලපයි    පොරොන්දන්
නටයි      ජවුසන්
කරයි      ඉහළින්


අදට         මාසයයි
අඩව්        අල්ලයි
නැන්දා     ලේලියි
නැනා       මනලියි

කරපු         මගුල
කපුවාගේ  අවුල
විදියි         පවුල
වුනා      වියවුල


බක් මහ අකුණු

අවුරුද්දට හොදට කලා බඩ උස්මුරුත්ත වෙන්න කෑවා.අද වැඩත් ඇල්ලුවා අලුත් අවුරුද්දට .ඒ එක්කම තවත් අයත් නැකතට වැඩ ඇල්ලුවා.ඒ අපේ පවිත්‍රා වන්නි ආරච්චිගේ ලංවිම ය.ඒ වැඩ ඇල්ලීම හැටියට අපේ උස්මුරුත්තාව නිකන් අතීසාරය හැදිලා වගේ එක පාරෙන්ම නැතිව ගියා.මේ බක මාසයයි.බක් මහ අකුණු ගහනවා කියලදා කියනවා .අපිට වැහි නැති බක් මහ අකුණු පාරක් වැදිණි

.

අපේ රටේ බදු මිල තීරණය කරන්නේද රජයයි.ඒ වුනාට මිල එක එක ගණන්ය.රජයේ මිල තිරකගේද එහෙමය.අත්‍යවශය බාන්ඩ විදියට නම කර ඇති විදුලිය,ඉන්ධන ,ගෑස්,බස් ගාස්තු වැනි මහජනයාට සංවේදී දේ එසේ හිතු හිතු වේලාවන්ට වැඩි කිරීමට නොහැක.ඒවා වැඩි කිරීම සදහා විශේෂ ක්‍රම අනුගමනය කරයි.මෙයිනුත් විදුලිය සදහා වෙනම පටි පටියක් අනුගමනය කරයි.

විදුලි බිල වැඩි කිරීම සම්බන්දව බලය තිබෙන්නේ මහජන උපයෝගී කොමිසමටය.ඒ අනුව පසු ගිය කාලේ විදුලිබල මණ්ඩලය විසින් තමන්ගේ වියදම් ඉහල ගොස් ඇති නිසා හා ණය වලින් මිදීම සදහා ගාස්තු ඉහළ දමන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.ඒ සදහා තමනට ලාබයක් උපයා ගතහැකි ආකාරයේ ගාස්තු සංශෝදනයක්ද ඉදිරිපත් කරනලදී.අපේ කොමිසම තනිකර ප්‍රජාතන්ත්‍රවාදී නිසා එක වරම වැඩි කිරීමට ඉඩ දුන්නේද නැත.ඒ සදහා ප්‍රජාතන්ත්‍ර වැඩි ක්‍රමයක් අනුගමනය කරන ලදී.ඒ මහජන අදහස් විමසීමය.මේ සදහා අදහස් දීම සදහා ,වාචිකව අදහස් 79 ක්ද ,ලිඛිත අදහස් දෙසීයකට වැඩි ගණනක් ඉදිරිපත් විය.එයින් වැඩි දෙනෙකුගේ මතය වනුයේ මේ වැඩි කිරීම අසාදාරන බවත්ය.එය නොකළයුතු බවත්ය.

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ප්‍රකාශ කරන විදියයට මේ වැඩි කිරීම් වලට හේතුව වංචා හා දුෂණය.එමෙන්ම අපේ රටට නොගැලපෙන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමය.එයට ඇති හොදම උදාහරණය නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ය.එය වැරදි වැඩක් යැයි කියා හිටපු ඇමති තුමා වන පාටලී ඇමති තුමාද කියා ඇත.අන්තිමේදි අපේ රටේ පාලකයෝ තටමලා තටමලා මි පැටියෙක් වැදුයේය.අපි අන්තිමට තවත් ණය කාරයෝ විය.අනිත් කරණය තමයි පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ලබා ගැනීම නිසා සිදුවන පාඩුව.එය තනිකරම කොමිස් කාක්කන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් කරන දෙයකි.

ඔය කාගේත් අදහස් වලට කොමිසම කන්දී ගාස්තු ක්‍රමය අපිට ඉදිරිපත් කලා.අපිත් හරි අසාවෙන් බලන හිටියා වෙනසක් වෙලා ඇති කියලා.මොන වෙනසක් ද පරණ ගාස්තු ක්‍රමයයි.ඒ ගැන කොමිසම කියන්නේ පාඩු ලබන විදුලියට යම සහනයක් දීමට තමයි අපි ගාස්තු වැඩි කලේ.ඒ වුනාට අපි මණ්ඩලයට කොන්දේසි අටක් ඉදිරිපත් කලා.ඒවාට කැමති වූ නිසා තමයි ගාස්තු ඉහළ දැමීමට අපි අවසර දුන්නේ.ඒ කොන්දේසි මොනවද කියා අපි දන්නේද නැත.

මිල වැඩි විම් වෙන්නේ මෙහෙමය.
ගෘහස්ථ, ආගමික සහ පොදු කාර්යය යන පාරිභෝගික කාණ්ඩ තුන යටතේ මෙම මිල සංශෝධනය සිදුකර තිබේ. 

ඒකක 0 - 30 දක්වා ඒකකයක මිල රුපියල් 5.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 30.00කි. 


ඒකක 31 – 60 දක්වා ඒකකයක මිල රුපියල් 6.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 60.00කි. 


ඒකක 61 – 90 දක්වා ඒකකයක මිල රුපියල් 8.50 කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 90.00කි. 


ඒකක 91 – 120 දක්වා ඒකකයක මිල රුපියල් 15.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


ඒකක 121 – 180 දක්වා ඒකකයක මිල රුපියල් 20.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


ඒකක 181 – 210 දක්වා ඒකකයක මිල රුපියල් 24.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


ඒකක 211 – 300 දක්වා ඒකකයක මිල රුපියල් 26.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


ඒකක 301 – 900 දක්වා ඒකකයක මිල රුපියල් 15.00කින් වැඩි කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


ඒකක 900ට වඩා විදුලි පරිභෝජනය කරන පාරිභෝගිකයින්‍ සඳහා ඒකකයක මිල රුපියල් 34.00කින් නංවා ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 315.00කි. 


කෙසේ වෙතත් ගෘහස්ථ පරිභෝගිකයින්ට සාපේක්ෂව ආගමික ස්ථාන සඳහා නව ගාස්තු ක්‍රමය යටතේ ඒකකයක මිල පහත පරිදි සංශෝධනය කර ඇත. 


ඒකක 0 - 30 දක්වා ඒකකයක මිල රුපියල් 1.90කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 30.00කි. 


ඒකක 31 – 60 දක්වා ඒකකයක මිල රුපියල් 2.50කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 60.00කි. 


ඒකක 61 – 90 දක්වා ඒකකයක මිල රුපියල් 3.50කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 180.00කි. 


ඒකක 91 – 120 දක්වා ඒකකයක මිල රුපියල් 5.00කි. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 180.00කි. 


ඒකක 180 වඩා පරිභෝජනය සිදුවන ආගමික මධ්‍යස්ථාන සඳහා ඒකකයක මිල රුපියල් 7.00ක් ලෙස සංශෝධනය කර ඇත. මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 240.00කි. 


මෙම නව මිල සංශෝධනවලට අනුව ඒකක 30ට අඩු ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලිබිල වැඩි වන සාමාන්‍ය ප්‍රතිශතය වන්නේ 49%කි. 


ඒ අනුව 30-90ත් අතර ඒකක පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක් 64% සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත. 


ඒකක 90-200ත් අතර ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන විදුලිබිලක් සියයට 66% සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ. 


ඒකක 300- 900ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 11.8%ක් වීම විශේෂත්වයකි. 


ඒකක 900 වැඩියෙන් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලිබිලක වැඩිවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 6%කි. 


රජයේ අය වැය මගින් මූල්‍ය පහසුකම් සැපයෙන ජනතාවට නොමිලේ සේවා සපයන රජයට අයත් පාසල්, රෝහල්, වෘත්තීය පුහුණු ආයතන සහ විශ්ව විද්‍යාල සඳහා ඒකකයක මිල රුපියල් 14.65කි. 


මෙයින් වැඩිම බලපෑම වන්නේ මධ්‍යම පංතික ජනතාවටය.මොකද ඔවුන්ගේ සාමාන්‍ය විදිලු එකක ගන්න 90 ආසන්නය.එහි වැඩි වීම 64%කි.එහෙත් එකක 300-900 අතර සුපිරි පාන්තිකයන්ගේ වැඩි වීම 11%කි.රටේ බහුතරයක් සිටින්නේ මැද පන්තියේ ජනතාවය.ඔවුන්ට බර වැඩි කර ඇත.

අන්තිමට අපිට කියන්නට ඇත්තේ 

මසක් පුරා -හම්බ කරන 
මුළු සේසත -ඇති සතියට 
ජිවන බර -අඩු කරන්න 
පඩියේ බර -වැඩි කරන්න 
ලැබුවාවූ   සිංහල හින්දු අවුරුද්ද ඔබ සියලු දෙනාටත් පවුලේ සැමටත් සුබම සුබ අවුරුද්දක් වේවා .........!!!!!!


විලාසිතා

විලි වසන්නට 
ගත්තා 
ඉස්සර 
ගහ කොල 
මල්

විලි වසන්නට 
ගන්නේ 
අද 
ගහ කොල 
මල් 

විලා සිතා නව 
කියයි තව 
මුත්තා අපේ 
කොපි කලා
අද 



උදව්වක් ඕන කර තිබේ

මමත් එක එක පණ්ඩිත කම් කරන්න යයි.කොච්චර වැරදුනත් මට්ටු වෙන්නේද නැත.අද එසේ මෙසේ දෙයක් නෙවෙයි වුනේ.මගේ බ්ලොග් ලෑල්ලට අලුතෙන් templates එකක් දැමමා.ලස්සනම ලස්සනම එකක්

අයි කිසි ඇහිල්ලක් බැලිලක් නැතිව මත දැම්මා.දැම්ම විතරයි පොස්ට් තැන දෙකක පේනවා.අයින් කරන්නත් බැරිය.මට මර අප්ස්ටය.පැය ගණක තිස්සේ හොයනවා .හදා ගන්න විදියක් නැත.

මේක හදා ගන්න උදව්වක් කරනවද ?මම කලින් එකේ backup තියා ගත්තා.එක අයි දැම්මත් අර විදියේ පොස්ට් තැන් දෙකක් පෙන්වනවා .

ඔය දෙකෙන් එකක් අයින් කරන විදිය කියලා දෙන්න ලොකු උදව්වක් ....................

ඕකට තමයි කියන්නේ ලස්සනට යටින් .....අනතුරක් තියනවා කියලා


කදුල........

සතුටට 
දුකට 
දෙකටම 
විය 
කදුල
                                                   
                                                           
                                                           
                                           
   


     

ඔයා කැමතිද

කට්ටිය එන්නේ මෙහෙන්

Flag Counter

ඔත්තුවක්

අනුග්‍රහය

sinhalaya sindiya


” />