හෙට තමයි මේ ලෝකයේ වැඩිම දෙනෙක් උපන්දිනය සමරන දවස ........
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
(හිග්......හි......හි...........)

සමහර අයට පුදුම හිතෙනවා නේද?මගේ උපන්දිනේ එදා නෙවෙයිනේ.....?
ප්‍රශ්න ගොඩක් නේද .......?

එහෙම කියන්නේ හෙට අප්‍රේල් 1 නැත්නම්  මෝඩයාගේ දවස නිසා ....

මේක අපිට කොහෙන් කොහොම අවාද කියා හරි තොරතුරු නැත.එහෙත් ලෝකයේ මෙය ආරම්භ වන්නේ කවදා කොහොමද කියා විවිද මත තිබේ

ශිත සෘතුව අවසන් වී වසන්ත කාලය සැමරීමේ දිනය ලෙස අප්‍රේල් 1 වැනිදා තෝරාගෙන ඇත.යුරෝපා රටවල මාර්තු 25 වැනිදා සිට සති දෙකක කාලයක් සෘතු මාරුව සදහා නිවාඩු ලබා දෙයි .එම කාලය සැහැල්ලුවෙන් කාලය ගත කිරීම සදහා.සමහරු සැහැල්ලුවෙන් කාලය ගත කිරීම සදහා වගකීම් රහිත වැඩද කරයි.එම නිසා මෙම කාලය මෝඩයන්ගේ කාලය ලෙසද හදුන්වයි .

එහෙත් බෙල්ජියම ,ඉතාලිය ,ප්‍රංශය වැනි රටවල කුඩා ළමයින් කඩදාසි වලින් සදා ගත් මළු රූපවලින් එකිනෙකට පහරදීමෙන් විනෝදයක් ලබයි.එය april fish ලෙස හැදින්වූ අතර පසුව april first වී ඇත.

අටවෙනි ග්‍රෙගරි රජු විසින් අලුත් දින කැලැන්ඩරයක් හදුනවා දී ඇති අතර එය ජනවාරි 1 වෙනිදායින් ආරම්භ විය.එහෙත් පැරණි කැලැන්ඩරය ආරම්භ වන්නේ අප්‍රේල් 1 වැනිදා සිටය.අලුත් කැලැන්ඩරය ජනතාව අතර ප්‍රචලිත කිරීම සදහා ග්‍රෙගරි රජු විසින් පැරණි කැලැන්ඩරය පටන් ගත් දිනය මෝඩයාගේ දිනය ලෙස නම් කරන ලදී.එදා සිට මේ දිනය පවත එන බව බොහෝ දෙනාගේ අදහස විය.එහෙත් එය නිශ්චිතවම පිළිගත නොහැක.

මේක මේ මම ඉස්සෙලම මෝඩයාගේ දිනය දැන ගත් දවස තමයි.

එදා පෝය දවසක් .අවුරුද්දනම් මතක නෑ.අපි පන්සල ගියේ රෑ වෙලා.පන්සල්වේ කතා වෙනවා වෙලා අයිනේ බෝ ගහේ දේවතා එළියක්‌ තියනවා කියලා.තව කට්ටිය මැණික් ගලක් බෝ ගහේ තියනවා කියලා කතා වෙනවා.අපිටත් ඔක බලනකම් ඉවසිල්ලක් නෑ.අපිත් ගියා වෙලා ලග තියෙන බෝ ගහ ලගට.අපි‍ට පේනවා බෙනයක් ඇතුලෙන් රතු පාට එළියක්‌.හැබැයි එතනට කිට්ටු වෙන්න බෑ.කටු නිසා.අපිත් ඈත තියා බැලුවා.හොදම වැඩේ කියන්නේ සමහරු සාධු ..සාධු ..කියනවා.අපිටත් කියනවා වදින්න කියලා.අපිත් ගොඩක් රෑ වෙනකම් බලන ඉදලා ගෙදර ආවා.

පහුවෙනිදා උදේ හැම ගෙදරකටම දොරේ කොලයක් ගහලා ගිහිල්ලා මෝඩයෝ ටික ටොක්කක් ඇන ගන්න කියලා .එතකොටයි කට්ටියට මතක වෙලා තියෙන්නේ එදා අප්‍රේල් 1 කියලා .

එතන තියලා තියෙන්නේ බල්බ් එක්ක .ඒ වැඩේ කරන්න මුල් වෙච්ච කෙනා දැන් ඉංජිනේරුවෙක් ....

ඔන්න ඔහොමයි මෝඩයාගේ දවස මම ඉස්සෙල්ලම දැනගත්තේ ........

මේ පොස්ට් එක අද බලලා රැවටෙන්න එපා .

හැබෙයි හෙට බස් එකේ කොන්දොස්තර වැඩිපුර සල්ලි ඉල්ලුවාම නොදී ඉන්න එපා .හෙට ඉදන් බස් ගාස්තුත් වැඩියි.එක බොරුවක් නෙවෙයි.........

ණය

හවස් වරුවක මාටින් ගොයිගේ කඩේ පැත්තට ගැටුව.කරන්න දෙයක් නැති මේ දවස්වල දාම් අතක් ඇදීමට කස්ටිය ඔතනට එනවාමය.කඩේට කිට්ටු කරන කොට ගිණි විජ්ජුම්බරය්කි.මාටියා කාටදෝ හොදටම දෙහි කපනවා.පතුරු  ගැලවෙනකම් බනිනවා.කොයි එකටත් එක්ක ඔලුව ඔබා බලිවෙමි.තව පොඩ්ඩෙන් මගේ ඔලුවද මාටියා උගසට ගනී.බනින්නේ එමලින් නැන්දටය.බනින්නේ ගත්තු ණය බඩු වලට හිලව්වටය.අම්මේ කාපු ඒවා වමාරන්නට කියවයි.අපේ සෙට් එක තෙමිච්ච කුකුලෝ වගේ අහන ඉදියි.මගේ කාටද ඇවිස්සෙයි.මේ මාසේ ගැනුන්ගේ ය.එහෙම එකේ මෙහෙම බනින්න බැරිය.මට වෝල්ට් පන්දහට මල පැන්නේය.

මොකද ඔයි ඔහොම බනිනේ.....මට එබෙටම කියැවුණි.
ආ...උබද....
මොකද උබ ණය ටික ගෙවනවද ?
තොත් මට රු.50 ණයයි යකෝ.
වෙන්න බෑ..
පොඩ්ඩක් හිටපන් ණය පොත ගේනකන්
...............................................................................
ආ....මේ බලපන් ගත්තු බඩු ලිස්ට් එක.
ගල් බනිස් 2 2/1
කෙසෙල් ගෙඩි 3
ප්ලේන්ටි 3

එකතුව 49.90 යි.

හරි හරි මුදලාලි ඕවා මොනවද ?මුදලාලි කියක් ණයද?
එහෙම කියපු ගමන් මුදලාලිගේ හුළං බැස්සේය.
තොට පිස්සුද ගස් ගෙම්බෝ ...මම ස්කරයාගේ පුතා වයිමටවත් ණය නෑ.
වෙන්න බෑ ...මුදලාලි කොටි ගානක් ණය ය.

වැඩි වෙලා හිටපු අපේ උන්දලා නැගිටලා මන ලගට කිට්ටු වුනේ නැද්ද.හරියට නිකන් ජන්දෙට නිකන් දෙන බඩු ගන්න කට්ටිය වගේ.

හරි කියපන් බලන්න ....
I M F
..........
..........
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

මම දන්නා සේරම දේවල් ටික කියලා දැම්මා.විතරයි මටියගේ ඇස්දෙක ටෝමබ සයිස් විය.හරියට ගෙමබන්ගේ ඇස වගෙය.

හරි හරි කොල්ලෝ කොහොමද මම ඔය ටික ගෙවන්නේ...
බය වෙන්න එපා මුදලාලිට බැරි වුනත් පුතා පොලියත් එක්ක ගෙවයි.පුතාට බැරි වුනොත් මුනුබුරා ගෙවයි එච්චරයි
අම්මේ දැනුයි මගේ ඇගට ලේ ටිකක් ඉනුයේ.හරි මම  පුතාගේ ණය ටික බෝල් ණය විදියට කපලා දැම්මා.

මගේ ගෘහ ආර්ථික විජ්ජාව නිසා මගේ ණය ටික කැපී ගියාය.ඇසිලින් නැන්දගේ ණය ටික කපන්නේ කොහොමද  කියා කියා කලපනා කර කර ඉන්න කොට මගේ ටියුබ් ලයිට් මොලේට මීටර් වුන තිතටම.

හරි දැන් ණයට බඩු ගත්තේ මොකටද ....
කන්න බෝල ..කන්න ..
හෝ හෝ... නැන්දේ කන්න නෙවෙයි සංවර්දනයට ..

මම මගේ විජ්ජාව පැහැදිලි කරන්න පටන්න ගත්තා ...;;;;;;;;
දැන් බලල අපේ පප්පා ණය ගන්නේ මොකටද.
ආයෝජනයට ......
රේස් බුකියට ....කවුද එකෙක් කියපි....
හරි හරි සහෝදරයා....රේස් කියන්නේ ආයෝජනයක්.එකනේ පහුගිය කලේ රෑ රේස් තිබ්බේ.එකේ ප්‍රතිපලයක් විදියට තෙල් මිල වෙඩි වුනා.අදායම වැඩි වෙන කොට බඩු වල මිලත් වැඩි වෙනවා .ඕකට කියන්නේ ඉල්ලුමට සැපයුම දෙන්න බැරි වුනාම මිල වැඩි කරා.

දැන් අපේ නංගි පපා ගෙන් ණයට ගන්නෙම ගෙවනවා කියලා.එයා මොනවද කරන්නේ බියුටි කචල් කොස් ..කුකරි ක්ලාස් ...ඒ මොකටද හොද බර මෝරෙක් අල්ල ගන්න.අපේ නංගි කියන්නෙම බියුටිය තියනවනම් චාල්ස් කුමාරයත් බදින්න පුළුවන් කියලා.හොද වෙලාවට එකී දන්නේ නෑ චාල්ස් දෙසරක් බැදලා කියලා .මෝරෙක් බැද ගන්නවයි කියන්නේ ගොඩේ ගොඩ

දැන් මම ණය ගන්නේ මොකටද කන්න ....හුටා කියපි ඇත්ත කියැවුණි.කොල්ලෝ හු කියපි....මම ලිස්ස ගියමි.ඔයිං මදැයි අතක පැයක නොකඩ් බේරුනා


ඔයා කැමතිද

කට්ටිය එන්නේ මෙහෙන්

Flag Counter

ඔත්තුවක්

අනුග්‍රහය

sinhalaya sindiya


” />