අපේ රට පුදුමාකාරය.කාලෙන් කාලයට එකක රැලි එයි.අපි සැවොම ඒ වට ගසාගෙන යයි.එය වෙලේක්විය නොහැකි විය.අපේ රටේ පැමිණි රැලි මෙසේ ය.

සංගීතය = නොන්ස්ටොප් ,හින්දි ,පිරිමි ගායිකා හඩින් ද ,මල් පන්සල්  hipop rnb ලෙස 

විලාසිතා =බෙල් බොටම් ,සරම ,කුර්තා බෙකම් දක්වා 


දේශපාලනය = දේශප්‍රේමියා සිට දේශද්‍රෝහියා දක්වා 


       මේ රැලි කිහිපයකි .මෙකි නොකී භෝ රැලි පැමිණ ඇත.තව පැමිණීමටද ඇත.


මෙන්න අලුත්ම රැල්ල 

                                 


                                   හලාල් 



අපේ රට බහුවාර්ගික ජන කොට්ටශ ජිවත්වෙති.මෙම හලාල් වචනය මුස්ලිම් ජනයා අරඹය පමණක් නොව රටේ සමස්ත ජනවර්ගයා කෙරෙහි බලපාන ගැටළුවක් මෙයින් නිර්මාණය විය.මෙය හුදෙක් ව්‍යාපාරික වචනයක් ද?නැත්නම් ආගමික වැඩපිළිවෙලක් ද ?

ඉස්ලාම් ධර්මයට අනුව නබි නායක තුමා විසින් පනවන ලද ,අනිවාර්ය සහ කළහැකි මට්ටමේ (බුදුහාමුදුරුවෝ අවිහිංසා වාදය අගය කල අතර නිගණ්ඨ ගේ පරම අවිහිංසා වාදය බැහැර කළා )
ක්‍රියාවන් හලාල් ලෙස අරාබි බසින් දක්වා ඇත්තේ.එනම් යහපත් ක්‍රියාවන් වේ.

නමුත් මෙම යහපත් ක්‍රියාවන් සදහා සත්වඝතනය ඇතුලත් නොවේ.නබිතුමට අනුව සත්වයකු මරණයට පත්කිරීමේදී අනුගමනයකල යුතු පිළිවෙලක්ද දක්වා ඇත.එම ක්‍රමයට සත්වයකු මැරිය හැකිද'?.රත්වූ යකඩ තැටියක සිට එක පහරින් හිස සිදිය යුතුය.තවද ලේ සියල්ල පිටකර හැරිය යුතුය.එවිට එය හලාල් මස් ලෙස හදුන්වයි.

මේ ආකාරයට සියලු දේට හලාල් සම්බන්ද වේ.දත් බුරුසුවේ සිට ඇදුම දක්වාද ?උපතේ සිට විවාහ ,මරණය තෙක් මෙය පැතිර ඇත.

නබි තුමන් විසින් පනවනලද යහපත් ක්‍රියාමාර්ග අදවන විට වෙළද ලෝකය විසින් තමන්ගේ මඩිය තර කරගෙනීම සදහා යොදා ඇති බවක්ය.මොකද මෙම හලාල් ලාංචනය සහිත භාණ්ඩ මුස්ලිම් ජනයා අතර අලවිය පහසුය.මෙම උපක්‍රමයට සියලු අය අසුවී ඇත .මෙයට හොදම උදාහරණය ෆවුසි ඇමතිතුමා කල ප්‍රකාශය නිසා."හලාල් සහතිකය නැත්නම් අපේ රටේ ව්‍යාපාරිකයන්ට විදේශීය රටවලට භාණ්ඩ යැවිය නොහැකි බවත්,සිංහල හා දෙමල ව්‍යාපාරිකයන් මෙම සහතිකය ලබාගතහොත් මුස්ලිම් ජනයට අලවිය පහසුබවත්ය.

ලංකාවේ මෙම සහතිකය දෙන්නේ All Ceylon Jamiyyathul Ulama සංවිදානය විසිනි.මෙහි ඇති තිත්ත ඇත්ත වනුයේ "සහතිකය ලබා ගැනීම සදහා වැය කිරීමට වන මුදලයි.මෙම මුදල් යට කල හැක්කේ විශාල ව්‍යාපාරිකයන්ට පමණි.කුඩා ව්‍යාපාරිකයන්ට මෙය කිසිසේත් දෙරිය නොහෙක'.මෙම වෙළද මාෆියාවට සමස්ථ මුස්ලිම් ජනයා අසුවී අවසන්ය.

09% මුස්ලිම් වෙසෙන ලංකාවේ මෙම හලාල් සහතිකය සහිත නිෂ්පාදන 4500 පමණ ඇත.මේවා සියල්ල මහා පරිමාණ ආයතන සතු ඒවාය.මිට 10 වසරකට පෙර අරඹා ඇති මෙම හලාල් සහතික නිකුත් කිරීම අද වන විට රටේ වැඩිම දෙනෙක්ගේ ප්‍රදාන මාතෘකාව මෙයවේ.

දේශපාලන ලෝකයේද මෙම හලාල් නිසා කට්ටිය හොදට නගනී.මෙයින් මංගල සමරවීර හොදටම නැවේය.
එක මෙතනින් බලන්න 

තවම මෙම හලාල් නිසා විමල් ඇමතිතුමා නැවේ නැත.බැරි වෙලාවත් ඔහු කියන්න පුළුවන් මෙය විදේශ බලවේගයක් විසින් මෙහෙයවන ක්‍රියාවක් ලෙසය.

අපට මෙය තවත් එක රැල්ලක් පමණක් වෙයිද ?

අප මෙය ට කුමක් කලයුතුද ?