බලයි          පත්තර
දමයි           විස්තර
කරයි        සවිස්තර
රගයි       සුත්තර


බලයි       හදහන්
ගලපයි    පොරොන්දන්
නටයි      ජවුසන්
කරයි      ඉහළින්


අදට         මාසයයි
අඩව්        අල්ලයි
නැන්දා     ලේලියි
නැනා       මනලියි

කරපු         මගුල
කපුවාගේ  අවුල
විදියි         පවුල
වුනා      වියවුල