නළුවන් නළගණන් කොතෙකුත් නැටුවත් කම් නැත.ඔවුන් රගන විට අපටද රසයක් ලැබේ.දැන් හොදටම නටන්නේ නළුවන් නොවෙයි.ඒ එළුවන්ය.එළුවන් කියන්නේ නළුවාගේ වැඩේ කිරීමට ගොස් රටේ සම්පත් විනාශ කරන අයටය.මේ දිනවල මේ අය හොදටම නටති.රගති.මඩිය තර කර ගනිති .
මේ දවස්වල මත්තලට අපේ නළු බට්ටෝ හොදටම රගති.එහි තිබෙන ලොකුම නැටීම සිදු වන්නේ පාලක නැති දේවල් කිරීමටය.මේ මාසේ 11 වෙනිදා උඩවලව වැව් බැම්ම උඩ අපුරු රංගනයක් නිරත විය.උඩවලවෙන් පෝෂණය වන සියලුම කුඹූරු හිමියන් මේ රංගනයේ යෙදී සිටීමට සිදු විය.මෙහි නිමතෘ වුයේ මහවෙලි අධිකාරියයි.ගොවීන්ට කිරීමට තිබුනේ වැව් බැම්මේ තණකොළ කැපීමටය.එහි මහා කැළයක් නොමැත.එත් ලොක්කන්ගෙන් ලකුණු දා ගැනීම සදහා මෙය කර ඇත.මෙවැනි ශ්‍රමදාන තිබුනාට කම් නැත.එහෙත් මෙවැනි බාලාංශ පන්තියේ වැඩ නොකළ යුතුය.කිරීමට ඕන තරම් වැඩ ඇත.ඇළ වේල්ලක් සුද්ද කරානම් මිට වඩා වටිය.කරේ බැරි වෙලාවත් ජනදිපතිතුමන් ගියොත් ඇස පිනවන වැඩකි.වැව් බැම්ම් ලස්සනට තියනවා.එත් ඇල වේලි කැඩී ගොස්ය.
ඒ අතරේ පාලම් බෝක්කු පවා අළුතෙන් සායම් කරයි.ඒ වෙනුවෙන් සේවකයන් බොහෝසෙයින් මහන්සි වෙයි.ඔවුන්ගේ එකම එලක්කය 17 වෙනිදා වෙද්දී සායම් කර නිම කිරීමය.මේ පාලම් බෝක්කු මිට මාස 6 පෙරද පාට කර ඇත.සේවකයන් කියන්නේ අපොයි සල්ලි කියය.
මත්තල වෙනුවෙන් ආණ්ඩුව වෙන් කර ඇති මුදලෙන් 8\1 තරම් මුදලක් මාකටින් වෙනුවෙන් වියදම් කරනවා ඇත.අපේ රටේ රුපවාහිනී හා ගුවන්විදුලි ආයතන හතලිස් ගන්නකි.මෙයින් රජයේ ආයතන 10 කි.මේවයේ මත්තල වෙනුවෙන් යන දැන්වීම් වලට ගෙවිය යුතු මුදල ඇති විශාලය.සෑම පයකට වරක් දැන්වීම් ප්‍රචාරය වේ.මේ සදහා ගෙවන්නේද අපි උගසට තිය ගත් ණය වලින්මය.අන්තිමේදී රැගුවේ කවුරුවත් තෑලුනේ අපය.
අපේ රටේ රාජ්‍ය සේවකයන් කියන්නේ අමුතුම ජාතියකි.දේශපාලකයන්ගේ ඕන ගොන් වැඩකට එහෙයි කියන ජාතියකි.නැත්නම් මේ තරම් විශාල මුදලක් නිරපරාදේ විනාශ වීමට දෙයිද.නැත්නම් දේශ පාලකයන් ගොනාට අන්දවිමක්ද.එයට හොදම උදාහරණය තමයි ජනාධිපති ප්‍රේමදාස මහතා ගමන් බිමන් යද්දී දුප්පත් නිවාස වල සුදු හුණු ගා ගෝනි එල්ලා ප්‍රදර්ශනය කර ඇත.එවිට ජනාධිපති තුමන් සිතන්නේ තමන්ගේ සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රථිපල ලෙසටය.එසේ කිරීම තුලින් නිලධාරීන් ලකුණු දමාගෙන ඇත.
රජ්‍ය සේවකයන් ඕන ආණ්ඩුවක් යටතේ වැඩ කලයුතුය.මේ ආණ්ඩුවේ මෙන්ම ඉදිරියට පත් වන ආණ්ඩුවේද වැඩ කළ යුතුය.ඒ නිසා මේ ආණ්ඩුවේ ගොන් කම් වලට සහය ලබා නොදිය යුතුය.එයට සහය නොදුන්නා කියා ඔබට වෙන පඩුවක්ද නැත.මේ ආණ්ඩුව සදා කල් පවතින්නේද නැත.ඔබ රාජ්‍ය සේවකයකු ලෙස පත් වද්දී මේ රටේ සියලුම පුරවැසියනට සමානව සැලකීම හා රට අරක්ෂකිරීමට දිවිරුම් දෙති.එහෙත් මෙවැනි ගොන්කම් කිරීම තුලින් රට විනාශ කිරීමේ පාපයට ද ඇසුවේ.
අපේ රාජ්‍ය සේවකයන් ගස් බදිනවාට කෙමතිය.කැමැත්තෙන් ගස් බද ගනී.එහෙම අය ගැන කවර කතාද.?
ඔවුන්ට කොන්දක් බද්ද කලයුතුය,මෙය සියලුම දෙනාට වලංගු නැත.කොන්ද කෙලින් තියාන වැඩ කරන අයත් සිටිය.ඔවුන්ට අපි හිස නමා ආචාර කලයුතුය.
උගත් අධ්‍යාපනයක් ලත් මහත්වරු ,පාලම් බෝක්කු උඩ බිඩි බිබී හිටපු අයට බය විය යුතු නෑ.
කවදා හෝ මේ මෝඩ කම් වලට තිත තැබිය යුතුය.රාජ්‍ය සේවකයන් සිතා සිටිනවා පාලකයන ගොනාට ඇද ඇත කියා.පාලකයන හිතා ඉන්නවා සේවකයන තමන්ගේ වහල්ලු කියා.අන්තිමට දෙගොලෝම හොදට ඇද ඇත.
ලොක්කන්ගෙන් ලකුණු දා ගැනීම වෙනිවට රාජකාරිය දේව කාරියක් සේ කිරීමට හැකි වේවා !!!!!!
ඔත්තුවක්
” />
10 ක් සිතුවිළි:
ප්රකාශනයේ නිදහස මත ඔබට ඕනෑම දෙයක් කිව හැකිය. මා කියනවාට මොහොතකට මත්තල පැත්තේ දවසක් ගිහින් එන්න. හදවතට දැනෙන දේ ඉන් පසුව කියන්න.
වැඩේ හොදය .එත මේ කිරි කාලෙට ගොම වෙටෙන වැඩ සිදුවී ඇත.එය ගැනයි ප්රශ්නය.මත්තල මමත් ඉරිදා ගිය.අපිටත් සතුටුය එත්.......
ආණ්ඩුවට සප් එක නොදුන්නොත් දේශද්‍රෝහියෝ වෙනවනේ
කාලීනයි. මෙහෙම දෙයක් තියෙනවා සංවර්ධනයක් සිද්ද වෙනවා අපිට ඒක නැහැයි කියන්න බැහැ. හැබැයි 70% වෙන්නේ ගොන් වැඩයි පුස් පාර්ට් දැමීමයි පමණයි.
ජයවේවා!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒක ඇත්ත ...සංවර්ධනයට යටින් ගොන්කන් කැපිලා පේනවා
වැඩ කලාට වඩා ඒක කරපු බව පෙන්නන්න වියදම් කරන ඒක තමා අවුල. එහෙම නොකරත් බැහැ නේ ඉතින් මේ යන විදියට. සද්ද නැතුව වැඩ කරලා ඊළගට චන්දෙ හම්බුනේ නැතොත් සොරි නේ
මාකටින් ඒක කරන්න ඕන තමයි.එත් ඒක හැම හන්දියක් ගානෙම ලොකු කට්ව්වුට් බැනර ඇඩ් දාල නෙවෙයි සාමාන්‍ය විදියට කරාම ඇති.මොකද ඊ ලග චන්දෙදි මිනිස්සු සංවර්ධනයට එහා ගිය දෙයක් පලපොරොත්තු උනොත් එත් සොරිනේ
රටක සංවර්ධනය මනින්නේ රටේ ජීවත් වන ජනයාගේ උසස් ජීවන තත්වයෙන් නොවේ පිට රටින් මේ රටට එන උන්ට පේන්න හෙවත් ශෝ එකට තබා ඇති මේ රටේ ඇති ගොඩනැගිලි වලින් කියා සිතන මහජනතාවක් ඉන්නා රටක් . . .!
ඒ ශෝ එක වෙනුවෙන් අනාගත පරපුරවල් කීයක් පිට රටවලට නය කරයෝ කලත් කමක් නෑයි සිතන ජනතාවක් . . !
තව මොනවා කියන්නද ඉතිං . . .!
කරන වැඩේට වඩා ප්‍රචාරණයට නේ වියදම් කරන්නේ. අපේ සමහර මිනිස්සුත් ඔය රඟපෑම් ඇත්ත කියල හිතාගෙන ටී වී වලට වැඳගෙන ඉඳලා සාදු කියන එකයි කරන්නේ.
Post a Comment
ඔබේ අදහස් මට වටි