හෙට තමයි මේ ලෝකයේ වැඩිම දෙනෙක් උපන්දිනය සමරන දවස ........
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
(හිග්......හි......හි...........)

සමහර අයට පුදුම හිතෙනවා නේද?මගේ උපන්දිනේ එදා නෙවෙයිනේ.....?
ප්‍රශ්න ගොඩක් නේද .......?

එහෙම කියන්නේ හෙට අප්‍රේල් 1 නැත්නම්  මෝඩයාගේ දවස නිසා ....

මේක අපිට කොහෙන් කොහොම අවාද කියා හරි තොරතුරු නැත.එහෙත් ලෝකයේ මෙය ආරම්භ වන්නේ කවදා කොහොමද කියා විවිද මත තිබේ

ශිත සෘතුව අවසන් වී වසන්ත කාලය සැමරීමේ දිනය ලෙස අප්‍රේල් 1 වැනිදා තෝරාගෙන ඇත.යුරෝපා රටවල මාර්තු 25 වැනිදා සිට සති දෙකක කාලයක් සෘතු මාරුව සදහා නිවාඩු ලබා දෙයි .එම කාලය සැහැල්ලුවෙන් කාලය ගත කිරීම සදහා.සමහරු සැහැල්ලුවෙන් කාලය ගත කිරීම සදහා වගකීම් රහිත වැඩද කරයි.එම නිසා මෙම කාලය මෝඩයන්ගේ කාලය ලෙසද හදුන්වයි .

එහෙත් බෙල්ජියම ,ඉතාලිය ,ප්‍රංශය වැනි රටවල කුඩා ළමයින් කඩදාසි වලින් සදා ගත් මළු රූපවලින් එකිනෙකට පහරදීමෙන් විනෝදයක් ලබයි.එය april fish ලෙස හැදින්වූ අතර පසුව april first වී ඇත.

අටවෙනි ග්‍රෙගරි රජු විසින් අලුත් දින කැලැන්ඩරයක් හදුනවා දී ඇති අතර එය ජනවාරි 1 වෙනිදායින් ආරම්භ විය.එහෙත් පැරණි කැලැන්ඩරය ආරම්භ වන්නේ අප්‍රේල් 1 වැනිදා සිටය.අලුත් කැලැන්ඩරය ජනතාව අතර ප්‍රචලිත කිරීම සදහා ග්‍රෙගරි රජු විසින් පැරණි කැලැන්ඩරය පටන් ගත් දිනය මෝඩයාගේ දිනය ලෙස නම් කරන ලදී.එදා සිට මේ දිනය පවත එන බව බොහෝ දෙනාගේ අදහස විය.එහෙත් එය නිශ්චිතවම පිළිගත නොහැක.

මේක මේ මම ඉස්සෙලම මෝඩයාගේ දිනය දැන ගත් දවස තමයි.

එදා පෝය දවසක් .අවුරුද්දනම් මතක නෑ.අපි පන්සල ගියේ රෑ වෙලා.පන්සල්වේ කතා වෙනවා වෙලා අයිනේ බෝ ගහේ දේවතා එළියක්‌ තියනවා කියලා.තව කට්ටිය මැණික් ගලක් බෝ ගහේ තියනවා කියලා කතා වෙනවා.අපිටත් ඔක බලනකම් ඉවසිල්ලක් නෑ.අපිත් ගියා වෙලා ලග තියෙන බෝ ගහ ලගට.අපි‍ට පේනවා බෙනයක් ඇතුලෙන් රතු පාට එළියක්‌.හැබැයි එතනට කිට්ටු වෙන්න බෑ.කටු නිසා.අපිත් ඈත තියා බැලුවා.හොදම වැඩේ කියන්නේ සමහරු සාධු ..සාධු ..කියනවා.අපිටත් කියනවා වදින්න කියලා.අපිත් ගොඩක් රෑ වෙනකම් බලන ඉදලා ගෙදර ආවා.

පහුවෙනිදා උදේ හැම ගෙදරකටම දොරේ කොලයක් ගහලා ගිහිල්ලා මෝඩයෝ ටික ටොක්කක් ඇන ගන්න කියලා .එතකොටයි කට්ටියට මතක වෙලා තියෙන්නේ එදා අප්‍රේල් 1 කියලා .

එතන තියලා තියෙන්නේ බල්බ් එක්ක .ඒ වැඩේ කරන්න මුල් වෙච්ච කෙනා දැන් ඉංජිනේරුවෙක් ....

ඔන්න ඔහොමයි මෝඩයාගේ දවස මම ඉස්සෙල්ලම දැනගත්තේ ........

මේ පොස්ට් එක අද බලලා රැවටෙන්න එපා .

හැබෙයි හෙට බස් එකේ කොන්දොස්තර වැඩිපුර සල්ලි ඉල්ලුවාම නොදී ඉන්න එපා .හෙට ඉදන් බස් ගාස්තුත් වැඩියි.එක බොරුවක් නෙවෙයි.........

ණය

හවස් වරුවක මාටින් ගොයිගේ කඩේ පැත්තට ගැටුව.කරන්න දෙයක් නැති මේ දවස්වල දාම් අතක් ඇදීමට කස්ටිය ඔතනට එනවාමය.කඩේට කිට්ටු කරන කොට ගිණි විජ්ජුම්බරය්කි.මාටියා කාටදෝ හොදටම දෙහි කපනවා.පතුරු  ගැලවෙනකම් බනිනවා.කොයි එකටත් එක්ක ඔලුව ඔබා බලිවෙමි.තව පොඩ්ඩෙන් මගේ ඔලුවද මාටියා උගසට ගනී.බනින්නේ එමලින් නැන්දටය.බනින්නේ ගත්තු ණය බඩු වලට හිලව්වටය.අම්මේ කාපු ඒවා වමාරන්නට කියවයි.අපේ සෙට් එක තෙමිච්ච කුකුලෝ වගේ අහන ඉදියි.මගේ කාටද ඇවිස්සෙයි.මේ මාසේ ගැනුන්ගේ ය.එහෙම එකේ මෙහෙම බනින්න බැරිය.මට වෝල්ට් පන්දහට මල පැන්නේය.

මොකද ඔයි ඔහොම බනිනේ.....මට එබෙටම කියැවුණි.
ආ...උබද....
මොකද උබ ණය ටික ගෙවනවද ?
තොත් මට රු.50 ණයයි යකෝ.
වෙන්න බෑ..
පොඩ්ඩක් හිටපන් ණය පොත ගේනකන්
...............................................................................
ආ....මේ බලපන් ගත්තු බඩු ලිස්ට් එක.
ගල් බනිස් 2 2/1
කෙසෙල් ගෙඩි 3
ප්ලේන්ටි 3

එකතුව 49.90 යි.

හරි හරි මුදලාලි ඕවා මොනවද ?මුදලාලි කියක් ණයද?
එහෙම කියපු ගමන් මුදලාලිගේ හුළං බැස්සේය.
තොට පිස්සුද ගස් ගෙම්බෝ ...මම ස්කරයාගේ පුතා වයිමටවත් ණය නෑ.
වෙන්න බෑ ...මුදලාලි කොටි ගානක් ණය ය.

වැඩි වෙලා හිටපු අපේ උන්දලා නැගිටලා මන ලගට කිට්ටු වුනේ නැද්ද.හරියට නිකන් ජන්දෙට නිකන් දෙන බඩු ගන්න කට්ටිය වගේ.

හරි කියපන් බලන්න ....
I M F
..........
..........
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

මම දන්නා සේරම දේවල් ටික කියලා දැම්මා.විතරයි මටියගේ ඇස්දෙක ටෝමබ සයිස් විය.හරියට ගෙමබන්ගේ ඇස වගෙය.

හරි හරි කොල්ලෝ කොහොමද මම ඔය ටික ගෙවන්නේ...
බය වෙන්න එපා මුදලාලිට බැරි වුනත් පුතා පොලියත් එක්ක ගෙවයි.පුතාට බැරි වුනොත් මුනුබුරා ගෙවයි එච්චරයි
අම්මේ දැනුයි මගේ ඇගට ලේ ටිකක් ඉනුයේ.හරි මම  පුතාගේ ණය ටික බෝල් ණය විදියට කපලා දැම්මා.

මගේ ගෘහ ආර්ථික විජ්ජාව නිසා මගේ ණය ටික කැපී ගියාය.ඇසිලින් නැන්දගේ ණය ටික කපන්නේ කොහොමද  කියා කියා කලපනා කර කර ඉන්න කොට මගේ ටියුබ් ලයිට් මොලේට මීටර් වුන තිතටම.

හරි දැන් ණයට බඩු ගත්තේ මොකටද ....
කන්න බෝල ..කන්න ..
හෝ හෝ... නැන්දේ කන්න නෙවෙයි සංවර්දනයට ..

මම මගේ විජ්ජාව පැහැදිලි කරන්න පටන්න ගත්තා ...;;;;;;;;
දැන් බලල අපේ පප්පා ණය ගන්නේ මොකටද.
ආයෝජනයට ......
රේස් බුකියට ....කවුද එකෙක් කියපි....
හරි හරි සහෝදරයා....රේස් කියන්නේ ආයෝජනයක්.එකනේ පහුගිය කලේ රෑ රේස් තිබ්බේ.එකේ ප්‍රතිපලයක් විදියට තෙල් මිල වෙඩි වුනා.අදායම වැඩි වෙන කොට බඩු වල මිලත් වැඩි වෙනවා .ඕකට කියන්නේ ඉල්ලුමට සැපයුම දෙන්න බැරි වුනාම මිල වැඩි කරා.

දැන් අපේ නංගි පපා ගෙන් ණයට ගන්නෙම ගෙවනවා කියලා.එයා මොනවද කරන්නේ බියුටි කචල් කොස් ..කුකරි ක්ලාස් ...ඒ මොකටද හොද බර මෝරෙක් අල්ල ගන්න.අපේ නංගි කියන්නෙම බියුටිය තියනවනම් චාල්ස් කුමාරයත් බදින්න පුළුවන් කියලා.හොද වෙලාවට එකී දන්නේ නෑ චාල්ස් දෙසරක් බැදලා කියලා .මෝරෙක් බැද ගන්නවයි කියන්නේ ගොඩේ ගොඩ

දැන් මම ණය ගන්නේ මොකටද කන්න ....හුටා කියපි ඇත්ත කියැවුණි.කොල්ලෝ හු කියපි....මම ලිස්ස ගියමි.ඔයිං මදැයි අතක පැයක නොකඩ් බේරුනා


මෙහෙම වෙනවද ...?

පහු ගිය දවසක අපේ රජා තුමාගේ relation  කෙනෙක්ට වෙච්ච දෙයක් කිව්වම තමයි මටත් මේක මතක් උනේ.මේ කෙනා අනුනට හින්ට් පාස් කරන්න රජෙක්.ගම අම්බලන්ගොඩ .එහෙනම් කතාව මෙන්න
                                                   --------------------------------

මෙයට කියන්නේ අජිත් කියලා.අම්බලන්ගොඩ තිබිලා තියනවා musical show එකක්.මේක බලන්න අජිත් අයියයි තව යාළුවෝ දෙන්නෙකුයි ගිහින් තියෙන්නේ.දැන් නිකම්ම බලන්න බැරි නිසා නැටුම් තෙල් වගයකුත් අරන් ගිහිල්ලා තියනවා.දැන් මේක දාගන්න තැනක් තුන් දෙනත් එක්ක හොයනවා.වැඩේ හරි ගියේම නැති තැන කට්ටිය beach ඒක පැත්තට ගිහින්.එතනත් හැම තැනම කට්ටිය නැටුම් තෙල පාවිච්චි කරනවා.තව ටිකක දුර ගිහිල්ලා.සුනාමියට ගිය පරණ ගෙවල් වගයක් තිබිලා තියනවා.එතනට තුන් දෙනාම ගිහින්.අන්තිමේට තුන් දෙනා පොඩි කාමරේක තියන් සප්පායම් වෙනවා.අජිත්ගේ කකුල එක පාරටම වලක වැටිලා.කට්ටිය phone එකේ එළියෙන් පොඩ්ඩක් හොයලා.එත කොටයි කට්ටිය දැනගෙන තියෙන්නේ මේ ඉන්නේ පරණ toilet එකක.දැන් කමක් නෑ කියලා කට්ටිය දිගටම බිලා.

ඒක නෙවේ හොදම දේ අජිත් අයියා පහුවෙනිදා වැඩට යද්දී කට්ටි ය කියනවලු "අජිත් මේ අර වගේ තැන් වලනම් ආයි බොන්න බෑ "සතියක් විතර යනකම් ඔක අහනවලු

මේකත් මේ අජිත් අයියගේ වැඩක තමයි.නිකම් නෙවේ සුර් පිට කරපු වැඩක්.දවසක් අපේ අක්කට ඒ කියන්නේ අජිත් අයියගේ ප්‍රියම්බිකාව ට ඇහෙනවලු සද්දයක්.රෑ 11 විතර.ටිකක් අජිත් අයියගේ වගේමලු.

සුදා දොර අරින්න්.....කෝ ......

ඩාර්ර්ලින් ....පැටියෝ .....අරින්න්කෝ දොර 

වස්තුවේ ...මගේ පණ ;;අරින්න්කෝ ....

තරහද .......වස්තුවේ...

පොඩ්ඩයිනේ...පරක්කු ..වස්තු ..

i love you  වස්තු ...

ඔහොම කියවනවා ඇහෙනවා.ඒ වුනාට දොර ට තට්ටු කරනවා ඇහෙන්නේ නැතිලු.කොයි එකටත් කියලා දොර ඇරලා බැලුවම තමයි දැකලා තියෙන්නේ ....අජිත් අයියා දොරකොඩ තියෙන පොල් ගහට තමයි තට්ටු කරලා දොර කියලා හිතාගෙන .

මිනිස්සුන්ට බිව්වම ඇත්තටම සිහිය කල්පනාව නැති වෙනවද කියලා හිතෙනවා.ඒ වුනාට පොලිසිය දැක්කම කෙලින් යනවා ....මේ දෙකේ වෙනස මොකක්ද .....

සුළගම විය (episode 2)

 මුල් කොටස බලපු නෙති අයට මෙතන 

මහිමට  පුදුම හිතුනි
ඇයි මෙ ………..
……..ඔයා  හොදට  exam පාස් වෙලා .
.මහිමගෙ මුහුනෙ  සිහින් සිනා රැල්ලක් ඇදුනි ..තවම මහිම ඇගෙ අත අල්ලාගෙනය .
.හා ….හා  අත අතාරින්න ……..එ එරන්ගගේ හඩය ..දෙදෙනගේ  මුහුණු වෙනස් විය ..යුවතිය එරන්ගට රැව්වය .
.නන්ගි අපිත් පස් ..අපිටත් දෙනවද ඔය අත. …
…තරහින් යුවතිය ගස්සාගෙන ගියය .
.කොහොමද  result  
ආයි අපිට එකට පිස්සු කෙලිය හැක ……මහ රජ ……..කවදත් කවටයකු වු පලිතය .

.සමහරු හඩයි ..එ දුකටද සතුටද කිය නොදනිමි ..කොහොමත් වැඩි බලපොරොත්තු තියන් හිටිය බොහෝ දෙනෙකු හඩයි ..එ ඔවුන් බලපොරොත්තු පරිදි  ප්‍රතිපල නොලැබී ඇති නිසාය.එත් අපේ තරුනයන්ටනම් මේ ප්‍රතිපලය ඉහටත් උඩින්ය .මහිම ඉන් කාටත් වඩා හොදින් සමත් වී තිබුණි.කොහොමත් මහිම දක්ෂ ළමයෙකි.එත් වැඩිය ප්‍රදර්ශනය කල අයෙකු නොවෙයි .කොහොමත් කෙල්ලන්ට වඩා කොල්ලන් තමන්ගේ දස්කම් පෙන්වන්නේ අඩුවෙනි.අවශ්‍ය වෙලාවට පෙන්වයි.එය පිරිමි කමද ?
කොල්ලන් පිරිස මුළු පාසල් වත්ත පුරා ඇවිදියි .

අන්න තැබිලි ගහේ ලස්සන ....මස තුනකින් විතර කුරුම්බයක් බිව්වෙම නෑ.කඩමුද?
මේ අදවත් පොඩ්ඩක් හිටපන්
මෙන්න මූ උපාසකයා වෙලා.

මහිම කොල්ලන් රැනට වැටුනට පසු දග වැඩ කරයි.එත් අද නිවිනු ගතියක් පෙන්වයි .ඉලන්දාරියා වෙනස් වෙලාද?
කට්ටිය වගේ එකට පාසලෙන් පිටවිය.අපේ තරුණයන් සිව්දෙනා  සමග කෙල්ලන් ති දෙනෙක් නිවෙස් බලා යයි .
මේ අළුතෙන් කෙල්ලොත් එයිනේ ...
ඇයි ...ඉසුරුට සෙට් කර ගන්නද ...
මේකනේ සදා ....දැන් උබලා දැකලම මට එපාවෙලා ...අලුත් කොල්ලොත් අවොත් උබලා සෙට් කරගනින්.අපෙන් කිසි බාදාවක් නෑ.නැද්ද මහිම
මේ ඕන එකක් සෙට් කරගනින්.හැබැයි ආපු ගමන් නෙවෙයි.නැත්නම් උන් අපේ කරේ යයි ගෝනි නැතිව.
බයවෙන්න එපා මහිමයා rag එක දීලම සෙට් කරගන්නවා.

මොකද ප්‍රීති කතා නැත්තේ....
ප්‍රීති හා ඉසුරු අතරේ විශේෂ ඇගලුම් කමක් නැතත් .දෙදෙනාගේම හිතේ අදහස කියාගන්න බැරි ගැනය.

මේ ප්‍රීති බොරුවට බුම්මන් ඉන්න එපා.අපේ ඉසුරුවා උබට love .....මූ මේක කියවගන්න තමයි වෙන කෙල්ලෝ ගැන කියෙව්වේ....
.කොහොමත් කෙල්ලන් තමන් කැමති කෙනෙක් වෙන දෙයක් ගැන වර්ණනා කරනවාට කැමති නැත.ඒ ගැනුන්ගේ හැටිය.ලද බොලද කමයි.
එකෙක් හරිය.අපේ මහිමයටත් එකක් සෙට් වෙලා ...
කවුද ඒ ....සියල්ලන්ටම ප්‍රශ්නයකි.
කවුද ඉතින් මලානි ටීචර්ගේ දුව ...අප්සරා ...දැක්කේ නැද්ද අතට අත දීපු විදිය.
මේ පාලිත ...කට තිබුන පලියට කතා කරන්න එපා ..උබගේ හිතේ ඇති .මම ඕනනම් අප්සරගෙන් අහන්නම්.

දැඩි නිහඩ බවක් තිබුණි.අන සියලු දෙනාට පසුව ඉසුරු සහ ප්‍රීති ආදර බස් දොඩමින් යයි.
 මම යනවා ..
මහිම නිවාස දෙසට හැරුනාය
තරහද මත එක්ක ...පාලිත ආයාචනාත්මක සරයෙන් කතා කරයි 

නෑ 

සුළග හමයි ඊ ලගට 

හොදට රගති

නළුවන් නළගණන් කොතෙකුත් නැටුවත් කම් නැත.ඔවුන් රගන විට අපටද රසයක් ලැබේ.දැන් හොදටම නටන්නේ නළුවන් නොවෙයි.ඒ එළුවන්ය.එළුවන් කියන්නේ නළුවාගේ වැඩේ කිරීමට ගොස් රටේ සම්පත් විනාශ කරන අයටය.මේ දිනවල මේ අය හොදටම නටති.රගති.මඩිය තර කර ගනිති .

මේ දවස්වල මත්තලට අපේ නළු බට්ටෝ හොදටම රගති.එහි තිබෙන ලොකුම නැටීම සිදු වන්නේ පාලක නැති දේවල් කිරීමටය.මේ මාසේ 11 වෙනිදා උඩවලව වැව් බැම්ම උඩ අපුරු රංගනයක් නිරත විය.උඩවලවෙන් පෝෂණය වන සියලුම කුඹූරු හිමියන් මේ රංගනයේ යෙදී සිටීමට සිදු විය.මෙහි නිමතෘ වුයේ මහවෙලි අධිකාරියයි.ගොවීන්ට කිරීමට තිබුනේ වැව් බැම්මේ තණකොළ කැපීමටය.එහි මහා කැළයක් නොමැත.එත් ලොක්කන්ගෙන් ලකුණු දා ගැනීම සදහා මෙය කර ඇත.මෙවැනි ශ්‍රමදාන තිබුනාට කම් නැත.එහෙත් මෙවැනි බාලාංශ පන්තියේ වැඩ නොකළ යුතුය.කිරීමට ඕන තරම් වැඩ ඇත.ඇළ වේල්ලක් සුද්ද කරානම් මිට වඩා වටිය.කරේ බැරි වෙලාවත් ජනදිපතිතුමන් ගියොත් ඇස පිනවන වැඩකි.වැව් බැම්ම් ලස්සනට තියනවා.එත් ඇල වේලි කැඩී ගොස්ය.

ඒ අතරේ පාලම් බෝක්කු පවා අළුතෙන් සායම් කරයි.ඒ වෙනුවෙන් සේවකයන් බොහෝසෙයින් මහන්සි වෙයි.ඔවුන්ගේ එකම එලක්කය 17 වෙනිදා වෙද්දී සායම් කර නිම කිරීමය.මේ පාලම් බෝක්කු මිට මාස 6 පෙරද පාට කර ඇත.සේවකයන් කියන්නේ අපොයි සල්ලි කියය.

මත්තල වෙනුවෙන් ආණ්ඩුව වෙන් කර ඇති මුදලෙන් 8\1 තරම් මුදලක් මාකටින් වෙනුවෙන් වියදම් කරනවා ඇත.අපේ රටේ රුපවාහිනී හා ගුවන්විදුලි ආයතන හතලිස් ගන්නකි.මෙයින් රජයේ ආයතන 10 කි.මේවයේ මත්තල වෙනුවෙන් යන දැන්වීම් වලට ගෙවිය යුතු මුදල ඇති විශාලය.සෑම පයකට වරක් දැන්වීම් ප්‍රචාරය වේ.මේ සදහා ගෙවන්නේද අපි උගසට තිය ගත් ණය වලින්මය.අන්තිමේදී රැගුවේ කවුරුවත් තෑලුනේ අපය.

අපේ රටේ රාජ්‍ය සේවකයන් කියන්නේ අමුතුම ජාතියකි.දේශපාලකයන්ගේ ඕන ගොන් වැඩකට එහෙයි කියන ජාතියකි.නැත්නම් මේ තරම් විශාල මුදලක් නිරපරාදේ විනාශ වීමට දෙයිද.නැත්නම් දේශ පාලකයන් ගොනාට අන්දවිමක්ද.එයට හොදම උදාහරණය තමයි ජනාධිපති ප්‍රේමදාස මහතා ගමන් බිමන් යද්දී දුප්පත් නිවාස වල සුදු හුණු ගා ගෝනි එල්ලා ප්‍රදර්ශනය කර ඇත.එවිට ජනාධිපති තුමන් සිතන්නේ තමන්ගේ සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රථිපල ලෙසටය.එසේ කිරීම තුලින් නිලධාරීන් ලකුණු දමාගෙන ඇත.

රජ්‍ය සේවකයන් ඕන ආණ්ඩුවක් යටතේ වැඩ කලයුතුය.මේ ආණ්ඩුවේ මෙන්ම ඉදිරියට පත් වන ආණ්ඩුවේද වැඩ කළ යුතුය.ඒ නිසා මේ ආණ්ඩුවේ ගොන් කම් වලට සහය ලබා නොදිය යුතුය.එයට සහය නොදුන්නා කියා ඔබට වෙන පඩුවක්ද නැත.මේ ආණ්ඩුව සදා කල් පවතින්නේද නැත.ඔබ රාජ්‍ය සේවකයකු ලෙස පත් වද්දී මේ රටේ සියලුම පුරවැසියනට සමානව සැලකීම හා රට අරක්ෂකිරීමට දිවිරුම් දෙති.එහෙත් මෙවැනි ගොන්කම් කිරීම තුලින් රට විනාශ කිරීමේ පාපයට ද ඇසුවේ.

අපේ රාජ්‍ය සේවකයන් ගස් බදිනවාට කෙමතිය.කැමැත්තෙන් ගස් බද ගනී.එහෙම අය ගැන කවර කතාද.?
ඔවුන්ට කොන්දක් බද්ද කලයුතුය,මෙය සියලුම දෙනාට වලංගු නැත.කොන්ද කෙලින් තියාන වැඩ කරන අයත් සිටිය.ඔවුන්ට අපි හිස නමා ආචාර කලයුතුය.

උගත් අධ්‍යාපනයක්‌ ලත් මහත්වරු ,පාලම් බෝක්කු උඩ බිඩි බිබී හිටපු අයට බය විය යුතු නෑ.

කවදා හෝ  මේ මෝඩ කම් වලට තිත තැබිය යුතුය.රාජ්‍ය සේවකයන් සිතා සිටිනවා පාලකයන ගොනාට ඇද ඇත කියා.පාලකයන හිතා ඉන්නවා සේවකයන තමන්ගේ වහල්ලු කියා.අන්තිමට දෙගොලෝම හොදට ඇද ඇත.

ලොක්කන්ගෙන් ලකුණු දා ගැනීම වෙනිවට රාජකාරිය දේව කාරියක් සේ කිරීමට හැකි වේවා !!!!!!

i don't no


මගේ හිත
මටත් හොරෙන්
නුබව සොයනවා
මම දන්නේ නෑ

පන මෙන් රැකි
නුබේ ආදරේ
හැරගියේ ඇයි
මම දන්නේ නෑ

චපල පෙම
හඩවයි මා
එයම සොයයි
මම දන්නේ නෑ

හිත ගිය තැන
හැදෙනවලු මාලිගාව
මටම දුක ඇයි  කියා
මම දන්නේ නෑ
   
    -------------------
මම දන්නේ නෑ

හෙට ඔබේ දවස .....

අක්කේ හෙට ඔයාලගේ දවස නේද 

මම අනදුන් කොන්දුන් විය.පොඩි මල්ලි තවම සිනාසෙයි.මොකක්ද ඒ දිනේ කියල.පහුගිය දවස්වල නම් valentine තිබුනා.එත් මේ දිනය මොකක්ද

මේ මල්ලි අගේ නොකර කියන්න ...කෝ ..

මල්ලි මගේ කණට කරලා කරනවා කිව්වා.මටම ලැජ්ජහිතුන

මේ post  එක අද ලියනවද හෙට ලියනවද කියා කියා හිත හිතා හිටියේ.කමක් නැ ඕන දෙයක් වෙද්දෙන් කියලා අද ලිව්වා.

මොකක්ද මේ දවස

පින්තුරේ දැක්ක හැටියේම දිනේ තෙරුනනේ.මාර්තු 8 තමයි ලෝක කාන්තා දිනය.මුලින් මෙය හැදී වුයේ ජාත්ත්‍යන්තර රැකියා නියතු කාන්තාවගේ දිනය කියල.පස්සේ තමයි කාන්තා  දිනය කියලා වෙනස් වුනේ.

ගෑනුන්ට මොකටද දිනයක් 

මුල් කාලයේ කාන්තාවන්ට හිමි විය යුතු සමනත්වතාවය හා ගවුරවය නොලැබිණි.එම  ආදරය හා ඇගයීම ලබා ගැනීමද මෙහි අරමුණක් විය.

මුල් කාලයේදී කාන්තාව හැදින්වුයේ පිරිමින්ගේ අවශ්‍යතාවයන් සැපිරීම හා වර්ගයා බෝ කිරීම පමණක් කාන්තාවන්ට අයිති රාජකාරියක් ලෙස හදුන්වන ලදී .එහෙත් කාන්තාවනට හිමිවිය යුතු තැන පිලිබදව ඇමරිකා එක්සත් ජනපදයේදී කතිකාවතක් ඇති විය.ඒ 1909 වසරේදීය.1910 වසරේදී ලෝක කාන්තා සමුළුව  පැවැත්විණි.මේ සදහා කාන්තාවන් 100 ක් රටවල් 17 කින් පැමිණ තිබුණි.

රුසියාව විසින් ලෝක කාන්තා දිනය සමරන ලද්දේ අවසන් ඉරිදා පෙබරවාරි මස ඒ 1917 දිය.ඒ කොහොම වුනත් එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් 1977 දී ලෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත කරන ලදී ඒ මාර්තු 8 වෙනිදාය.
බටහිර රටවල් මෙම දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සමරනවා.අපි හරියට valentine සමරනවා වගේ.

ගොඩක් දෙනෙක් මෙය දකින්නේ හුදෙක් දේශපාලනික වූ දිනයක් ලෙසයි.මොකද මෙම දිනයේදී පණිවිඩ නිකුත් කරන්නේ දේශපාලන මත වාද  නිසා.

කොතරම් නීති හා දින තිබුනත් කාන්තාවන්ට සිදුවන හිරි හැර වලින් නම් අඩුවක් නැත.ඒ නිසා මෙම දිනය විහිළුවක් සේ පෙනෙ.

මෙවර එහි තේමාව වනුයේ පවුල රකින ඇය සුරකිමු 

102 වරටත් මෙය හෙට සමරයි.එය එය තවත් එක දිනයක් පමණක් වේවිද.කාන්තාව එතනමද

මෙන්න අපේ රටේ යම් යම් දේශපාලන පක්ෂ පැවැත්වූ කාන්තා දින රැලි




අපේ අයියලා බය වෙයිද මන්ද.මොකද එයාලට දිනයක් නැද්ද කියල.නැ එයාලටත් දිනයක් තියනවා.ඒ නොවෙම්බර් 19 එදාටත් පොස්ට් එකක් දාන්නම්කො

(කාන්තාව හා අයිතිවාසිකම් කියල තව පොස්ට් එකක ලගදීම දානවා.මේකට විස්තර හොයාගන්න බැරිවුණා නිසා )

කාන්තාවන්ට සදා ජය ........!!!!!!!!!!!!!

මාරු කිරිම = වැඩි කිරිම

මේ ලගදි අපේ කැබිනෙට්ටුවේ වෙනසක් විය.වෙනසක් කිව්වට ලොකු වෙනසක් නෙවෙයි.හීනියට කාඩ් කුට්ටම ඇනිමකි.තවත් අය කිව්වේ ලෝකයේ ලොකුම කැබිනෙට්ටුව තවත් ලොකු කළා කියලා.කාටද ආඩම්බර 


කොහොමත් ලංකාවේ ඇත්තේ ලොකුම දේවල්ය.ඕනනං පොඩ්ඩක් කියන්නම් 
1.දකුණු ආසියාවේ ලොකුම සිනි කර්මාන්තශාලාව හිගුරානය
2.;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;පොල්තෙල් මොලත් ලංකාවේය.තැන මතක නැත.

ඔය වගේ ගොඩක් ඒවා ලංකාවේ ඇත.ඒ එකක්වත් ක්‍රියාත්මක නැත.ඒ කනේ අපට අමතක.

මේ කියන්න යන්නේ ලොකුම ඒවා නෙවෙයි.ලෝකයේ ලොකුම එකේ කට්ටිය මාරු වෙනකොට අපට වෙනදේවල් තමයි.මේකට සිංහල ප්‍රස්තපිරුළු තියනවද දන්නේ නේ.මොකද ඉගුරු දීලා මිරිස් ගත්ත වගේ කියලා කියන්න බැරි නිසා.

අපේ හිටිය තෙල් ඇමති තුමනේ සුසිල් ප්‍රේමජයන්ත  කියනේ.එතුමාගේ තෙල් ඇමතිකම නැතිවුනනේ.ඒ කට හේතුව තමයි සිංහල අවුරුද්ද වෙනකම් වැඩි කරන්නේ නෑ කිව්වනේ තෙල් මිල.ඒ වුනාට වැඩි කරන්න වුන.දැන් මොකද කරන්නේ ගියා ජනධිපතිතුමා හම්බවෙන්න ගිහින් කියපි අනේ බුදු සර් මේ ඇමතිකම මට එපෝ.බැරි වෙලාවත් තෙල් වැඩි වුනොත් මම රෙදි ඇදන් ඉන්නේ කොහොමද කියල.ජනාධිපතිතුමාටත් තේරුනා මේක නියම වෙලාව කාට හරි දෙන්න .බැලුව හොදම කෙනා ඒ තමයි දොශාභියෝගයේදී හොදට වැඩ කළ අනුර ප්‍රියදර්ශන යප මහතාට.අනුර මහත්තයා ආපු ගමන් තෙල් මිල වැඩි කළා.අන්තිමට ලෝක වෙල්දපොල්යි අලුත් ඇමති තුමාගේ ප්‍රතිපත්ති මත තමයි තෙල් වැඩි වුනේ කියලා කිව්වා.
ඕකට කියන්නේ සුසිල් දීලා අනුර ගත්තා කියලා 

අනිත් ඇමතිකම උනේ පාඨලී මහත්තයාගේ විදුලිබල ඇමතිකම.බැ මේ මනුස්සයට මේක කරන්න බැ.කියන කිසිදෙයක් අහන්නේ නෑ එක නිසා අයින් කර.හැබැයි ගිය සැරේ එතුමාව පත් කරද්දී කිව්වේ විදුලිබලය පිළිබද විශේෂඥයෙක් පත් කළා කියල.අත්ත එතුමා ඒ පිළිබදව යම් දැනීමක් සහිත කෙනෙක්.ඒත් මේ ආණ්ඩුවේ ලෝකන්ගේ තීරණ මත ඒවා ක්‍රියාත්මක වුනේ නෑ.අන්තිමට පවිත්‍රා නෝනව දැම්ම.දෙන එතුමිය කල්පනා කරන්නේ කොහොමද ලයිට්බිල වැඩි කරන්නේ කියලා.එකට මුලික සැලැස්ම විදියට උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත.නෝනා අද හෙට වැඩි කරනු ඇත.

අලුතෙන්ම ආ අමතිකමනේ සිනි කියන්නේ.සිනි ඇමතිතුමා පත් වෙලා සතියක් ගියේ නැත,සිනි මිලද වැඩි විය.එය තමයි මෙයට තියෙන සරලම උදහරනය.අපි කැමතිය සිනි ඇමතිකම නැතිවෙනවට.මොකද එතකොට සිනි මිල ගියත් අපි කාටවත් බනිනේද නැත.

මේ ඇමති කමක් නිසා මේ මහත්තුරු අපෙන් නිරතුරුවම බැනුම් අහයි.ඒත් මෙය දමා යන්නේද නැත.

මේ ලංකාව මේ ලගකදී සිට අශ්චර්යේ දොර කඩට ඇවිත් වගේ කියා මට සිතෙයි.මොකද මෙතරම් ඇමතිවරු සිටින නිසා.අධ්‍යපනයට ඇමතිවරු3  කි.බලක්ශක්ති ය හා සම්බන්ධ විෂයක් වන පුනර්ජිව බලශක්ති කියන එක පරිසරයට එකතු කර ඇත.

ඔවෙනි විකාරයකි මේ ඇමති මඩුල්ල.ඇමතිවරු වෙනස් වෙනවත් එක්ක අපේ පොකට් එකටද තට්ටුන් වී ඇත.

ඔයා කැමතිද

කට්ටිය එන්නේ මෙහෙන්

Flag Counter

ඔත්තුවක්

අනුග්‍රහය

sinhalaya sindiya


” />